Sunday, February 12, 2012

බෙහෙත් නැති ලෙඩේ සුව කරන්න දත්ත ගබඩාවක් එයි

රුපියල් කෝටි 44 ක වියදමින් ඖෂධ දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ අනුව රටේ කුමන පළාතක කුමන රෝහලක වුවත් ඖෂධ තොග පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වෙයි.

අදාළ තොරතුරු සැණෙකින් ලබා ගෙන ඉක්මන් පියවර ගැනීමට මෙමඟින් අවකාශ සැලසෙන බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කිසියම් රෝහලක පවතින ඖෂධ වර්ග සහ ප්‍රමාණය මේ මඟින් නිවැරැදිව සොයා ගත හැකි වීම සහ ඖෂධ හිඟයකට ඉඩ නොතැබීම යනාදිය මේ මඟින් සැලැසෙන තවත් පහසුකම් වේ.

http://www.silumina.lk/2012/02/12/_art.asp?fn=aa1202129

No comments:

Post a Comment