Wednesday, February 8, 2012

පාසල් දරුවන් හයදෙනෙක් ත්‍රිරෝද රථයකින් අනාරක්‍ෂිත ලෙස ප්‍රවාහනය කළැයි දඩ

* සැකකරු වාද්දුවේ පදිංචිකරුවෙක්
* රුපියල් හාරදහසක දඩ නියම වෙයි

පානදුර සමූහ – කපිල සෝමරත්න

පාසල් දරුවන් හයදෙනකු අනාරක්‍ෂිත ලෙස ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ත්‍රිරෝද රථ රියැදුරකුට රුපියල් හාරදහසක දඩයක් ගෙවන ලෙසට පානදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා නියම කළේය.

මෙසේ දඩ නියම වූයේ වාද්දුවේ පදිංචිකරුවකුටය. රථවාහන පනතේ 217 වගන්තිය යටතේ විත්තිකරුට විරුද්ධව නඩු පැවරූ බව වාද්දුව පොලිසියේ රථවාහන අංශයේ සැරයන් ලයනල් මහතා අධිකරණයට පැවැසීය.


http://www.dinamina.lk/2012/02/08/_art.asp?fn=r1202081

No comments:

Post a Comment