සෑම ග්‍රාම නිලධාරි වසමකටම රු. ලක්‍ෂ දහයක්
නුවන් කොඩිකාර
ගම නැගුම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක් සඳහාම රුපියල් ලක්ෂ දහයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත්ව සිටින පළාත් පාලන ආයතන නියෝජිතයන් හට මේ මුදල් ප්‍රතිපාදන ලබාදෙන බව අගමැති දි. මු. ජයරත්න මහතා පැවැසීය. මේ වන විට පළාත් පාලන නියෝජිතයන්ගෙන් යෝජිත ව්‍යාපෘති වාර්තා කැඳවමින් සිටින බවත්, ඊට අදාළ මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීවේය.
යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ජනතාවගේ කැමැත්තට මූලිකත්වය දෙන ලෙස ඒ මහතා පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
ධන කුවේරයන් ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවට සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය සෑම විටම කටයුතු කරමින් සිටින බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
රජය ක්‍රියාත්මක කරන සෑම සංවර්ධන ව්‍යාපෘතියකින්ම ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදීම රජයේ අරමුණ බවද ජයරත්න මහතා සඳහන් කළේය.
http://www.dinamina.lk/2012/02/09/_art.asp?fn=n1202093
Funds to develop GN divisions
Atapattu BANDARA
The government will allocate Rs one million for each Grama Niladari Division to expedite development activities under the Gama Neguma programme, Prime Minister D.M.Jayaratne said.
These funds will be provided for Pradeshiya Sabha members, the Prime Minister said addressing a meeting at the Sri Lanka Freedom Party Gampola office yesterday.
The acceptance of project reports of the Pradeshiya Sabha members for development activities has started. The funds will be released through divisional secretariats, he said.
"Priority will be given to people's choice in implementing development projects. President Mahinda Rajapaksa is a leader who loves village and he is determined to develop the village. "This is a government of the poor. Development projects are aimed at the general public," he said.
"The benefits of economic and agricultural projects will be experienced by the public soon.
"The government has planned to develop the country from the grass roots level.
Pradeshiya Sabha members have an enormous responsibility in making the effort a success, the Prime Minister said.
http://www.dailynews.lk/2012/02/09/news32.asp
No comments:
Post a Comment