Thursday, February 9, 2012

Crocodiles attack humans - Akuressa & Ragama (2 items)

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා කැකිරිහේන මළ ගමක්‌ කළා - මේ 29 වැනි බිල්ල - ගම්මු කියති

ගුණවර්ධන - අතුරලිය



හතලිස්‌ නව හැවිරිදි ඔහු නමින් වර්ණි රණසිංහ. ගමේ අය එයාව හැඳින්නුවේ කළු අයියා කළු මල්ලි එහෙමත් නැත්නම් කළුÊමාමා යන නම්වලිනි. කළු අයියා විවාහකයි. දූලා තුන්දෙනයි එක පුතයි. ලොකු දුව විවාහ වෙලා පිට ගමක පදිංචිවෙලා. ඊට බාල පුතයි පාසල් වියේ දූලා දෙන්නයි බිරිඳ සුසීමා ප්‍රියංගනීයි මේ අය පදිංචි වෙලා හිටියෙ අකුරැස්‌ස දීගල ලේනම කැකිරිහේන කියන තරමක්‌ දුෂ්කර ගම්මානයකය.

Read full story: http://www.divaina.com/2012/02/09/provin05.html

රාගම මිනීමරු කිඹුලා අල්ලයි

නන්දික බැද්දේගම

රාගම වනාතේ ප්‍රදේශවාසීන් මහත් භීිතියට පත් කරමින් සිටි “රාගම මිනීමරු කිඹුලා” තරුණයකු විසින් අටවන ලද උගුලකට ඊයේ 08 දා උදෑසන හසුවී තිබුණි.

පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් තිබූ මේ කිඹුලා, ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණි.

මෙම කිඹුලා අඩි 19 ක් පමණ දිග විශාල සිරුරකින් යුක්තව වැඩී තිබූ අතර, ඊයේ උදෑසන සිට මේ කිඹුලා දැක ගැනීමට ප්‍රදේශයේ පෙර පාසල් සිසුන් හා පාසල් සිසුන් ඇතුළු පනස් දහසකට අධික ජනතාවක් නොකඩවා පැමිණියහ. පසුව වන ජීවී දෙපාර්තමේන්තුවට මේ දැවැන්තයා බාරදීමට නියමිතව තිබුණි.

මේ අතර කිඹුලා ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.



ඡායාරූපය - රවීන්ද්‍ර සෙනෙවිරත්න

http://www.dinamina.lk/2012/02/09/_art.asp?fn=n1202097

No comments:

Post a Comment