Saturday, March 10, 2012

කෑගල්ලේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථකයි

කෑගල්ල සමූහ පී. එම්. පී. පොල්වත්ත


ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයක් පරීක්ෂා කරන අයුරු
ඡායාරූපය කෑගල්ල සමුහ

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ‘ඩෙංගු’ මර්දනය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව කෑගල්ල සෞඛ්‍ය නිලධාරී ජී. ඒ. පී. එල්. නානායක්කාර මහතා පැවැසීය.

මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් පොලිසිය හා යුද හමුදාවද ඇතුළු සෞඛ්‍ය සේවයට සම්බන්ධ සියලුම නිලධාරීන්ද යොදවමින් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

මේ වන විට ස්ථාන 1237ක් පරීක්ෂණයට ලක් කර ඇත.

ඩෙංගු මදුරු කීට ඇති ස්ථාන 35ක් හඳුනාගෙන ඇත. ස්ථාන 316කට ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගන්නා ලෙසට අවවාද කර ඇත.

ඩෙංගු බෝවන ස්ථාන 173ක් හඳුනාගෙන ඇත.

මෙම වැඩපිළිවෙළ අනුව මේ කොට්ඨාසයේ සෑම නිවෙසක්ම පරීක්ෂාවට භාජනය කරන බව සෞඛ්‍ය නිලධාරිවරයා පැවැසීය.


http://www.dinamina.lk/2012/03/10/_art.asp?fn=r1203101

No comments:

Post a Comment