Saturday, March 10, 2012

අසමත් රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර නෑ

බ්‍රිතාන්‍ය කියයි

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට කිසි විටෙකත් ප්‍රකාශ කර නැතැයි බ්‍රිතාන්‍ය රජය අවධාරණය කරයි.

සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාව ආර්ථික අතින් සාර්ථකත්වයට පැමිණි රටක් වන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තෝරා පත්කරගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයෙන් බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලාංකිකයන් සහ මාලදිවයින් ජාතිකයන් වෙනුවෙන් විවෘත ‘‘මහ කොමසාරිස්වරයාගෙන් අසන’’ යන තේමාව යටතේ පවත්වන වීඩියෝ සංවාද මාලාව සඳහා සහභාගි වෙමිනි.

මෙහි නවතම වීඩියෝව පසුගියදා ප්‍රකාශයට පත්කර තිබෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කරන්නේ සෙසු රටවල් මෙන් බ්‍රිතාන්‍යය ද උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු දැකීමට කැමැත්තෙන් සිටින බවය.

http://www.dinamina.lk/2012/03/10/_art.asp?fn=n1203109

No comments:

Post a Comment