- සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය
ශ්‍රී ලංගම පහළ සේවකයාගේ ආරම්භක වැටුප රුපියල් 21,539.50 ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් එසේ නොකළහොත් නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය කියා සිටී.
එහි ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයක් මගින් මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
ශ්‍රී ලංගම අවම ශ්‍රේණියේ සේවකයාගේ ආරම්භක මූලික වැටුප රු. 11,730 වැටුප් තලයේ ස්ථාපිත කර මූලික වැටුපට අමතරව මෙතෙක් ලබාදුන් රුපියල් 2,200/} දීමනාව ද ජීවන අංක දීමනා මුදල රු. 5,850/} මුදල 2011 5% වැටුප් වැඩිවීමෙන් සහ 2012 10% වැටුප් වැඩිවීමෙන් ලැබිය යුතු 1,759/50 ක මුදල ද ඇතුළු සමස්ත වැටුප රු. 21,539.50 වනසේ වැටුප් ක්‍රමය සකස් විය යුතු බව සංගමය වැටුප් කොමිෂන් සභාපති ඇතුළු සියලු ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. නමුත් ශ්‍රී ලංගම අධ්යක්ෂ මණ්ඩලය මේ මොහොතේ සකස්කර ඇති ශ්‍රී ලංගම අවම ශ්‍රේණියේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 11,730/} තලයට ගෙන ඒමට මෙතෙක් ලබාදී ඇති දීමනා එම වැටුපට එකතු කර වැටුප් ක්‍රමවේදය පිළියෙල කර ඇති බවට අප සංගමයට තොරතුරු ලැබි ඇත.
වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීම හේතුකොටගෙන වර්තමාන ශ්‍රී ලංගම සභාපති ශෂී වෙල්ගම මහතා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අප සංගමය මගින් පුරා වසර 4 ක් තිස්සේ ඉල්ලන ලද මෙම ඉල්ලීම 2012.04.08 වැනි දින සිට ලබාදෙන බවට ශ්‍රී ලංගම සේවකයන්ට ලිතව පොරොන්දුවක් ලබාදී ඇත. ඒ අනුව අප සංගමය ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංගම අවම ශ්‍රේණියේ සේවකයාගේ ආරම්භක මූලික වැටුප රු. 11,730/} තලයේ ස්ථාපිත කර, මෙතෙක් මූලික වැටුපට අමතරව ලබාදුන් රු. 2,200/} මුදලද, ජීවන අංක දීමනා වශයෙන් ලැබුණු රු. 5,850/} මුදල ද, 2011 5% වැටුප් වැඩිවීමෙන් ලැබිය යුතු මුදලද, 2012 - 10% වැටුප් වැඩිවීමෙන් ලැබිය යුතු මුදල වන රු. 1,759.50 මුදල ද ඇතුළුව සමස්ත වැටුප රු. 21,539.50 ක් වනසේ වැටුප් ක්‍රමය සකස් විය යුතු බවය. ඒ අනුව ශ්‍රී ලංගම අවම ශ්‍රේණියේ සේවකයාගේ ආරම්භක මූලික වැටුප රු. 11,730/} පිහිටුවා එම මූලික වැටුපට අමතරව ලැබිය යුතු රු. 9,809.50 ඇතුළු සමස්ත වැටුප වශයෙන් රු. 21,539.50 ක් ලැබෙන ආකාරයට වැටුප් ක්‍රමය සකස් කිරීමට සියලු බලධාරීන්ගෙන් අප සංගමය දිගින් දිගටම ඉල්ලා සිටින අතර මෙම ඉල්ලීම් පැහැරහැර වෙනත් වැටුප් ක්‍රමවේදයක් සකස්කර ශ්‍රී ලංගම සේවකයාගේ අයිතීන් උදුරා ගැනීමට මැදිහත් වුවහොත් එයට විරුද්ධව සමස්ත ශ්‍රී ලංගම සේවකයන් ම යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීම කිසිසේත් වැළැක්විය නොහැකි බව අප සංගමය වැඩිදුරටත් වගකීමෙන් යුතුව බලධාරීන්ට ප්‍රකාශ කර ඇත.
http://www.divaina.com/2012/03/28/news24.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment