සිතාරා සේනානි සහ සමන්මලී ප්‍රියශාන්ති
වී මිල සංශෝධනය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කැරේ.
වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් හා ගොවිජන සේවා හා වනජිවී අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
මේ කමිටුව ඊයේ (26) සහ පෙරේදා (25) ඒ ඒ ප්‍රදේශවලට ගොස් වී මිල සංශෝධනය සම්බන්ධයෙන් ගොවි ජනතාවගේ අදහස් විමසීමටත්, ඒ අනුව සැකසූ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමටත් නියමිතය.
දැනට පවත්නා වී මිල සංශෝධනය කරන ලෙස පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ව්‍යාපාරික ගොවි මහත්වරුන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කැර තිබිණි. ඒ අනුව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන, ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ එම අමාත්‍යංශයේ දී ඊයේ (23) සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ඉහත කමිටුව පත් කැර තිබේ.
http://www.dinamina.lk/2012/03/27/_art.asp?fn=n1203277
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
No comments:
Post a Comment