කුරුණෑගල මධ්‍යම විශේෂ
ආරියපාල වංශතිලක
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජල ටැංකිවලට අසූචි මිශ්‍ර වී ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ ජල ටැංකිවල අසූචි තිබුණද දැනට එම ටැංකි පිරිසුදු කොට ජල සාම්පල් කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යවා ඇති බවය.
දැනට හරස්කර ඇති ටැංකිවලට බවුසර් මගින් ජලය ලබාදීමට කුරුණෑගල නගර සභා ජල හා ජලපවහන මණ්ඩලය පියවර ගෙන ඇත. මේ සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂිකා සෝමා රාජමන්ත්රී මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ ජල ටැංකිවල නළයක් පුපුරා යාමෙන් අසූචි මිශ්‍ර වී ඇති බවය.
දැනට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වාගෙන යන අතර රෝහලට අවශ්‍ය ජලය බවුසර් මගින් ජලපවහන මණ්ඩලයෙන් ලබාගන්නා බව ද ඇය පැවසුවාය.
http://www.dinamina.lk/2012/03/28/_art.asp?fn=n12032810
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment