රනිල් ධර්මසේන
මේ දිනවල පවතින වියළි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් උස්බිම් සහිත ප්‍රදේශ රැසකට නළ ජල සැපයීම අපහසු වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙම උණුසුම් සහිත කාලගුණික තත්aත්වය හේතුවෙන් නළ ජලය සඳහා වන ඉල්ලුම ද වැඩි වී ඇති අතර මේ නිසා උස්බිම් සහිත ප්‍රදේශවලට නළ ජලය සැපයීම දුෂ්කර වී තිබේ. විශේෂයෙන්ම කොළඹ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙම තත්ත්වය දැඩිව බලපා ඇතැයි එම මණ්ඩලයේ නිලධාරියෙක් පැවැසීය.
මේ නිසා නළ ජලය දෛනික අත්‍යවශ්‍ය පරිභෝජනයට පමණක් යොදා ගන්නා ලෙස එම මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිති.
http://www.divaina.com/2012/03/27/news11.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment