- ජවිපෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
අජිත් අලහකෝන්
බස් ගාස්‌තු ඉහළ දැමූ ආකාරය නීත්‍යනුකූල නොවන බව පවසමින් ජනතා විමුක්‌ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආණ්‌ඩුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.
බස්‌ගාස්‌තු සංශෝධනය කිරීම පිළිබඳවත්, පුද්ගලික හා රාජ්‍ය ප්‍රවාහන සේවා ඒකාබද්ධව පවත්වාගෙන යැම වෙනුවෙනුත් 2002 ජුනි 12 දා ඇමැති මණ්‌ඩලය විසින් අනුමත කළ බස් ගාස්‌තු ප්‍රතිපත්තියට පටහැනිව පසුගියදා ගාස්‌තු සංශෝධනය කර ඇතැයි පවසමින් ජනතා විමුක්‌ති පෙරමුණ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකරනු ලබයි.
බස් ගාස්‌තු ඉහළ දැමීමේ ප්‍රතිශතය සියයට 20 ක් වීම, අවම බස් ගාස්‌තුව රුපියල් 7 සිට රුපියල් 9 දක්‌වා වැඩිවීම, මෙවර ගාස්‌තු සංශෝධනයේදී බස්‌ගාස්‌තු පිරිවැය දර්ශකය සකස් කිරීම සහ වාර්ෂිකව ජුලි 01 දාට කළයුතු ගාස්‌තු සංශෝධනය පෙබරවාරි 13 දා සිදු කිරීම අභියෝගයට ලක් කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ලබන සතියේදී ගොනු කරන බව ජවිපෙ ප්‍රකාශකයකු පැවැසීය.
http://www.divaina.com/2012/03/11/news04.html
No comments:
Post a Comment