නැවත වරක් "පිටි" ත්‍රස්‌තවාදයක් මතුව තිබේ. මූලිකව මේ පිටි ත්‍රස්‌තවාදය පැනනැගෙනුයේ "පාන් පිටි" අරභයා ය. එහෙත් ජනතාවට "කිරි පිටි" හේතුවෙන් ද මේ ත්‍රස්‌වාදයට මුහුණ දෙන්නට සිදුව තිබේ. කිරි පිටිත්, පාන් පිsටිත්, මතු කරන ත්‍රස්‌තවාදය පිළිබඳව කලකට ඉහතදී මේ රටේ ජනතාව දැනුවත් කළේ විමල් වීරවංශ ඇමැතිවරයාය. එපමණකුදු නොව "මව්බිව ලංකා" පදනම ද ඒ ගැන දිගින් දිගටම කතා කළේ එය එපමණකටම ජනතාවට මතු කරන පීඩාකාරී තත්ත්වය හේතුවෙනි. පාන් පිටි ත්‍රස්‌තවාදයෙන් මිදීම සඳහා සහල් පිටි පරිභෝජනයට හුරුවීමේ වැදගත්කමත් කිරි පිටි වෙනුවට එළකිරිවලට හුරුවීමේ වැදගත්කමත් දේශයට ආදරය කරන, දේශීයත්වයට ගරු කරන සියලු පාර්ශ්වයන්a අවධාරණය කළේය. දේශීය කිරි ගොවියාට වැඩි මුදලක් ගෙවා කිරි බෙදාහැරීම විධිමත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද එහිදී අවධාරණය කෙරිණි.
Read full story: http://www.divaina.com/2012/03/11/feature21.html
No comments:
Post a Comment