Sunday, March 11, 2012

වී අර්බුදයට පිළියම් මොනවාද?

මාස්‌ කන්නයේ වී අස්‌වනු නෙළමින් පවතින මේ කාල වකවානුවේ යළිත් වී මිල ප්‍රශ්නය කරළියට පැමිණ තිබේ. ඇතැම් පළාත්වල ගොවීන් සිය දිවි නසාගැනීමට පවා පෙළඹී ඇතැයි කියෑවෙන සිද්ධි දඩමීමා කරගෙන, දේශපාලන කලබැගෑනි ඇතිකරලීමේ උත්සාහයන් ද පවතී. මේ වන විට වී ගැණුම් මිල රුපියල් දාසයට බැස ඇත. රජයේ මිල රුපියල් විසිඅටත් තිහත් අතර ප්‍රමාණයක තිබුණද වී අලෙවි මණ්‌ඩලය මිලදී ගන්නේ සමස්‌ත වී අස්‌වැන්නෙන් සියයට දහයකට ආසන්න ප්‍රමාණයක්‌ පමණි. 1995 වර්ෂයේ එවකට චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය යුගයේදී වත්මන් අගමැතිවරයා කෘෂිකර්ම ඇමැතිව සිටි කාලවකවානුවේ වී අලෙවි මණ්‌ඩලය අහෝසි කරලීමට කෙටුම්පත් සකස්‌ කළ අතර පසුව එය කළ නොහැකි වූ තැන මණ්‌ඩලය අක්‍රිය කර නිලධාරීන් කීපදෙනකුට පමණක්‌ පඩි ගෙවමින් තබා ගත්හ. එසේම වී අලෙවි මණ්‌ඩලය සතු ගබඩා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දැමීමට කටයුතු කළහ. (එක්‌සත් ජාතික පක්‍ෂ රජය කාලයේ සිට එය සිදුවිය.) එහිදී ඉන් වැඩි ප්‍රතිලාභ ලැබුයේ බහුජාතික සමාගම්ය. රජය විසින් ගොඩනඟා නඩත්තු කරනු ලැබූ රාජ්‍ය සම්පත් වන බිත්තර වී ගොවිපළවල පරම අයිතිය පවා ලබාගන්නට මේ සමාගම් සමත් විය.

Read full story: http://www.divaina.com/2012/03/11/feature15.html

No comments:

Post a Comment