Saturday, March 10, 2012

අක්‌කර පහකට වැඩි පොල් ඉඩම් කට්‌ටි කිරීම තහනම් නීති ළඟදීම ඉදිරිපත් කරනවා

- ඇමැති ජගත් පුෂ්පකුමාර

අජිත් අලහකෝන් - අකිත පෙරේරා

අක්‌කර පහට වැඩි පොල් ඉඩම් කට්‌ටි කර විකිණීම තහනම් කරන නීති ළඟදීම පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

දැනට තිබෙන නීතිය අනුව අක්‌කර දහයට වැඩි පොල් ඉඩම් කට්‌ටි කිරීම තහනම් බව ද එය අක්‌කර පහ දක්‌වා ගෙන ඒමට කටයුතු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පොල් ගෙඩි කෝටි 365 ක්‌ 2016 දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව කී ඇමැතිවරයා 2012 වසරේදී පොල් පැළ ලක්‍ෂ හැටක්‌ ද, ඉදිරි වසර පහ තුළදී පොල් පැළ ලක්‍ෂ 320 ක්‌ වගා කිරීමට ද සැලසුම් කර ඇතැයි ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.

මෙරට පොල් නිෂ්පාදනය 2011 වසරේදී ගෙඩි කෝටි 281 කට ආසන්න වූ බව කී ඇමැතිවරයා වාර්ෂික පොල් පලදාව හෙක්‌ටයාරයකට පොල් ගෙඩි 7112 ක්‌ යෑයි ද කීය.

ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු වශයෙනි.


http://www.divaina.com/2012/03/10/news18.html

No comments:

Post a Comment