Saturday, March 10, 2012

රාජ්‍ය ආයතනවල විදුලිබල හා ඉන්ධන වියදමට සීමා පනවයි

ප්‍රියදර්ශන ලියනගේ

ඉන්ධන මිල ඉහළ යැම සහ විදුලි ගාස්‌තු වැඩිවීම සැලකිල්ලට ගෙන රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ විදුලි වියදම් කප්පාදු කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා විශේෂ චක්‍රලේඛයක්‌ මහා භාණ්‌ඩාගාරයේ ලේaකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් සහ ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල සභාපති වරුන් වෙත නිකුත් කර ඇත. මේ අනුව සියලුම රාජ්‍ය ආයතන 2012 වර්ෂය තුළ තමන්ගේ ඉන්ධන සහ විදුලි වියදම් විධිමත් ලෙස කළමනාකරණය කරගත යුතු වේ. මේ සඳහා 2012 වර්ෂය වෙනුවෙන් රජය විසින් වෙන්කර ඇති මුදල්වලට අමතරව කිසිදු අතිරේක ප්‍රතිපාදන ලබාදීමක්‌ හෝ මුදල් රෙගුලාසි ප්‍රතිපාදන යටතේ කිසිදු මාරු කිරීමක්‌ සිදු නොකරන බවද මහා භාණ්‌ඩාගාරය අදාළ චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන වෙත දැනුම්දී තිබේ. ඒ අනුව 2012 මාර්තු මස සිට ඉන්ධන හා ප්‍රවාහන වියදම 2012 ජනවාරි මස වියදමට උපරිම ලෙස සීමා කිරීම්, විදුලි බල මණ්‌ඩලය විසින් යෝජනා කර ඇති පෙ.ව. 10.00 දක්‌වාත්, ප.ව. 3.00 න් පසුවත් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම, වාහන භාවිත කිරීමේදී හැකි තරම් දුරට කණ්‌ඩායම් සඳහා පමණක්‌ ලබාදීමත් මේ යටතේ සිදු වෙයි.

දිනපතා පුවත්පත් මිලදී ගැනීම, දුරකථන බිල්පත්, විවිධ උත්සව මෙන්ම ඒ සඳහා ආරාධනා පත්, දිනපොත්, සුබ පැතුම්පත් වැනි අත්‍යවශ්‍ය නොමනා ක්‍රියාකාරකම් සඳහා කරනු ලබන වියදම්ද සීමා කළ යුතු වේ.


http://www.divaina.com/2012/03/10/news15.html

No comments:

Post a Comment