- කුඩා තේ වතු හිමියෝ අමාරුවේ
ශ්‍යාම් නුවන් ගනේවත්ත
තේ මිල ගණන් දිගටම පහත වැටෙමින් පවතින බවද මේ තත්ත්වය දිගටම පැවතිය හොත් තේ වගා කටයුතු තවදුරටත් සිදු කළ නොහැකි දුෂ්කර තත්ත්වයකට තමන් මුහුණපානු ඇති බවද කුඩා තේවතු හිමියෝ කියා සිටිති.
"අපේ තේ වැඩි වශයෙන් මිලදී ගන්නා ඉරානය, ලිබියාව, සිsරියාව සහ ඉරාකය වැනි රටවල ඇතිව තිබෙන දේශපාලන නොසන්සුන්තාවන් හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව තිබේ. දැනට අමු දලු සඳහා ලැබෙන ආදායමින් නිෂ්පාදන වියදම් අඩු කළ විට ප්‍රමාණවත් ලාභයක් නොලැබෙන බවද, ඒ නිසා තේ කර්මාන්තය, තේ වගාකරුවන් සහ තේ නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවද කුඩා තේ වතු හිමියෝ පවසති.
මේ සම්බන්යෙන් අදහස් දක්‌වන සමස්‌ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති නෙවිල් රත්නායක මහතා පවසන්නේ අපේ තේ කර්මාන්තය මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වයට වහා පිළියම් නොයෙදුවහොත් වියට්‌නාමය සහ කෙන්යාව වැනි රටවල් අපේ තේ වෙළෙඳපොළ ආක්‍රමණය කරනු ඇති බවයි.
http://www.divaina.com/2012/03/10/news14.html
No comments:
Post a Comment