Saturday, March 10, 2012

ගබඩාවල තිබූ බාල පෙට්‍රල් සැපයුම්කාර සමාගමට බාර දෙයි

ශිරාන් රණසිංහ

තෙල් සංස්‌ථා ගබඩාවල රඳවා ගෙන තිබූ ආන්දොaලනාත්මක බාල පෙට්‍රල් තොගය පෙරේදා (08 වැනිදා) අදාළ සැපයුම්කාර සමාගමටම යළි ආපසු බාර දී තිබේ.

මෙටි්‍රක්‌ ටොන් දෙදහස්‌ හයසියයක්‌ මෙසේ ආපසු බාරදුන් බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. මෙම ඉන්ධන තොගය ආනයනය කිරීමට ගිය මුදලට වඩා වැඩි මිලකට ආපසු අදාළ සමාගම වෙත විකුණුවේ ටෙන්ඩර් පටිපාටිය යටතේ යෑයිද අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

බාල පෙට්‍රල් භාවිත කිරීමෙන් හානියට පත් වාහන වෙත වන්දි ගෙවීමට වැයවූ මුදල් ද අදාළ තෙල් සැපයීම කළ සමාගමෙන්ම අයකර ගනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

බාල පෙට්‍රල් මෙරටට ගෙන්වීමෙන් රුපියල් කෝටි හැටක්‌ පාඩු වී ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කළද කරුණු නොදැන ඒ අය එම ප්‍රකාශ කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.


http://www.divaina.com/2012/03/10/news06.html

No comments:

Post a Comment