Tuesday, March 6, 2012

Matara - Kataragama Railway Phase I (3 items)

මාතර-කතරගම දුම්රිය මඟට චීනයෙන් රු. කෝටි 3060ක්

පළමු අදියර මාතර සිට බෙලිඅත්තට

මහින්ද අලුත්ගෙදර

මාතර සිට කතරගම දක්වා යෝජිත දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 278.2ක (රුපියල් කෝටි 3060.2) ආධාරයක් ලබාදීමට චීන රජය කැමැත්ත පළකර ඇත.

මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් සහනදායී පදනම මත චීන රජයේ ආනයන අපනයන බැංකුව මඟින් මේ ආධාරය ලබා දී තිබෙන අතර එහි ඉදිකිරීම් කටයුතු ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්, ගංඟා හරහා පාලම් ඉදිකිරීම්, නිල්වලා ගඟෙහි ගංවතුරින් යටවන සමතලා බිමට ඉහළින් ගුවන් පාලම් ඉදිකිරීම, දුම්රිය හරස් මාර්ග හා මාර්ග යටින් දිවෙන හැරවුම් මාර්ග ඉදිකිරීම, නව දුම්රිය ස්ථාන 04 ක් සහ දුම්රිය කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස ඇතුළුව සියලුම අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ ප්‍රතිපාදන වෙන් කෙරෙන බවද එම අමාත්‍යාංශය පවසයි.

කිලෝමීටර් 26.75 ක දිගින් යුතු මාතර සිට බෙලිඅත්ත දක්වා මාර්ගය යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන අතර එහි දෙවැනි අදියර බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා ද, තෙවැනි අදියර හම්බන්තොට සිට කතරගම දක්වා ද ක්‍රියාත්මක වෙයි. හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වීමත් සමඟ දකුණු පළාතේ ඇතිවන ශීඝ්‍ර සංවර්ධනය හේතුකොටගෙන ගමනාගමනය සඳහා වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි කාර්යක්ෂම හා පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් නව දුම්රිය මාර්ගය ඉදිකිරීම තුළින් ඇතිවන බවට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.


http://www.dinamina.lk/2012/03/06/_art.asp?fn=n1203061


මාතර - කතරගම දුම්රිය මගට චීන රජයෙන් මුදල් ලබාදෙයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

යෝජිත මාතර - කතරගම දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්‌වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා චීනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 278.2 ක සහනදායී ණය මුදලක්‌ ලැබී ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.

චීන රජයේ ආනයන අපනයන බැංකුව විසින් මෙම ණය මුදල ලබාදී ඇත.

මෙය මාතර - කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර වන අතර එය කිලෝමීටර් 26.75 ක දිගින් යුතුය. මෙම පළමු අදියර යටතේ දුම්රිය මාර්ගය ඉදිකිරීම, ගංගා හරහා පාලම් ඉදිකිරීම, දුම්රිය හරස්‌ මාර්ග හා මාර්ග යටින් දිවෙන හැරවුම් මාර්ග ඉදිකිරීම, නව දුම්රිය ස්‌ථාන හතරක්‌ ඉදිකිරීම සහ දුම්රිය කාර්ය මණ්‌ඩල සඳහා නිල නිවාස ඉදිකිරීම ඇතුළු වෙනත් සියලු අවශ්‍යතා සම්පූර්ණ කිරීම සිදුවන බවද මුදල් අමාත්‍යාංශය කියයි.

http://www.divaina.com/2012/03/06/news27.html


Matara - Beliatta Railway Extension Project: China approves US$ 278.2 m
The People's Republic of China government has approved a loan of US$ 278.2 million through its Export-Import (Exim) Bank of China on concessional terms to finance construction of Matara - Beliatta Section (Phase I) of Matara - Kataragama Railway Extension Project.

Matara - Beliatta section consists the construction of 26.75 km single line broad gauge rail track including construction of structures such as culverts, bridges over rivers, viaducts required over the Nilwala river flood plain, level crossings, underpass boxes, road diversion,

four numbers of railway stations and functional requirements including construction of railway quarters for staff, earth embankments, cut embankments and ground treatment etc.

This is the first phase of the Matara - Kataragama Railway Extension Project.

It is expected to construct the railway line from Beliatta to Hambantota and Hambantota to Kataragama under phase II and phase III.

The construction of the new railway will provide an efficient and environmentally friendly mode of transport to cater to the increasing demand for transport due to development in the Southern region with the operation of a new port and airport in Hambantota.

http://www.dailynews.lk/2012/03/06/news11.asp

No comments:

Post a Comment