Tuesday, March 6, 2012

Govt ready to purchase paddy (3 items)

අම්පාර සහ පොළොන්නරුවේ වී ගබඩා හිස්‌ කරන්න
- වෙළෙඳ ඇමැති නියෝග කරයි


අකිත පෙරේරා

අම්පාර සහ පොළොන්නරුව යන දිස්‌ත්‍රික්‌කවල පවතින රජයේ වී ගබඩා වහාම හිස්‌කරන ලෙස පාරිභෝගික කටයුතු හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා වී අලෙවි මණ්‌ඩලයට ඊයේ (05 දා) උපදෙස්‌ දී ඇත. එම දිස්‌ත්‍රික්‌කයන් ගෙන් මේ වන විට සාර්ථක වී අස්‌වැන්නක්‌ ලැබෙන බැවින් එම වී තොග මිලදී ගෙන ගබඩා කිරීමට අවශ්‍ය ගබඩා පහසුකම් සැලසීම පිණිස අදාළ පියවර ගන්නා ලෙසද එම ගබඩාවල පිරී පවතින වී තොග වේයන්ගොඩ සහ වල්පිට යන ගබඩා වෙත ප්‍රවාහනය කරන ලෙසද ඇමැතිවරයා උපදෙස්‌ දී තිබේ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයේ ලේකම් සුනිල් එස්‌. සිරිසේන, වී අලෙවි මණ්‌ඩලයේ සභාපති කේ බී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහුද සහභාගි වී සිටියහ.


http://www.divaina.com/2012/03/06/news24.html


අලුත් අස්වැන්න මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම්

විජයානි එදිරිසිංහ

පොළොන්නරුව හා අම්පාරේ වී අලෙවි මණ්ඩලයට අයත් සියලුම ගබඩාවල දැනට තිබෙන වී තොග හිස්කර වහාම අලුත් අස්වැන්න මිලදී ගැනීම අද (6) සිට ආරම්භ කෙරේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවති සාකච්ඡාවක දී මේ හදිසි තීරණය ගෙන තිබේ.

අම්පාරේ මෙවර වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක නොවුනේ යැයි චෝදනා එල්ල වී තිබුණි. එහෙත් ගබඩාවල වී සංචිත ගොඩගැසී තිබූ නිසා මේ ප්‍රමාදය ඇතිවී ඇත. එහෙත් ගොවීන් ළඟටම ගොස් වී මිලදී ගැනීම් සිදුකෙරෙන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මේ අතර අම්පාර සහ පොළොන්නරුවේ ගබඩාවල ඇති වී තොග සෙසු පළාත්වල ඇති වී ගබඩාවලට ගෙන ඒමට පියවර ගෙන ඇත.

රටපුරා තිබෙන වී අලෙවි මණ්ඩලයට අයත් වසා ඇති සියලුම ගබඩා අද සිට විවෘත කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දී ඇත. වී මිලදී ගැනීම සඳහා රජයෙන් ලබා දී තිබූ රුපියල් කෝටි 100ට අමතරව තවත් රුපියල් මිලියන 1200ක්ද වෙන්කර තිබේ.


http://www.dinamina.lk/2012/03/06/_art.asp?fn=n1203063


All PMB stores to purchase paddy
Chaminda Perera

The government yesterday directed the Paddy Marketing Board (PMB) to keep all stores open to purchase paddy from farmers and made an additional allocation of Rs. 1200 million to expedite the purchasing process islandwide.

Cooperatives and Internal Trade Minister Johnston Fernando made this directive at a meeting with PMB officials at the ministry yesterday.

He instructed the officials that excess stocks of stores in the Pollonnaruwa and Ampara districts be transferred to the paddy store complex at Veyangoda with a view to purchasing more paddy from the two districts.

http://www.dailynews.lk/2012/03/06/news36.asp

No comments:

Post a Comment