Friday, March 9, 2012

කතරගම ඉල්ලම් පස්‌ ගැන ප්‍රා. සභා සභාපති මෙසේ කියයි

කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේ ගලපිටයාය මාර්ගය දෙපස මාර්ගයේ ඉල්ලම් පස්‌ මහ දවාලේ හොරකම් කරගෙන ගිය බවට මාධ්‍ය මගින් කළ ප්‍රචාරය සාවද්‍ය බවත්, මේ සෑම දෙයක්‌ම කළේ සියලු දෙනාගේම එකඟත්වය මත බවත් කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන මහතා පවසයි.

ඒ මහතා මෙසේද කීය.

"ගලපිටයාය මාර්ගයේ දෙපස පදිංචි පවුල් 65 ක්‌ පමණ මගෙන් ඉල්ලීමක්‌ කළා මාර්ගය දෙපස ඇති ඉල්ලම් පස්‌ ගන්න. ඒ අනුව මා මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය වෙත ලිපියක්‌ යොමුකර අවසර ලබා දෙන ලෙස ඉල්ලුවා.

මෙය ව්‍යාපෘතිය සඳහා ලබා දිය හැකි බවත් දැන්වූවා. ඒ අනුව මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය හා කතරගම ප්‍රාදේශීය ලේකම් එකතුවී ගිවිසුම් අත්සන් කළා. එම ව්‍යාපෘතිය පසුගිය 04 වැනිදා පෙරවරු 7.10 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ කළා. ග්‍රාම නිලධාරිවරයා අඩු ආදායම් ලාභී පවුල් 54 ක්‌ සමඟ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා.

උදේ 8.30 ට පමණ කතරගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැමිණ මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු නතර කරන්න අණ කළා. මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ අඩු ආදායම්ලාභී පවුල් 54 ක එකඟත්වයකින් තමයි මේ සියලු දේවල් කළේ. එතනදී අපට වටිනාකමක්‌ නැති ගල් කීපයක්‌ හමුවුණා. ඒවා ලියුම් කවරයක දමා සීල් තබා අත්සන් කර බැංකු වක තැන්පත් කරන්න එකඟ වුණා.

මාධ්‍ය මගින් ප්‍රචාරය කළේ මේ ඉල්ලන් පස්‌ මහ දවාලේ හොරකම් කළා කියලයි. නමුත් එහෙම දෙයක්‌ වුණේ නැහැ. අපි හැම දෙනාගේම එකඟත්වය මතයි සියලු දේවල් කළේ.


http://www.divaina.com/2012/03/09/news10.html

No comments:

Post a Comment