Friday, March 9, 2012

Oil for rice barter system (2 items)

ශ්‍රී ලංකාව හා මැද පෙරදිග අතර සහල්-ඉන්ධන හුවමාරු වැඩපිළිවෙළක්


සමන්මලී ප්‍රියශාන්ති

ශ්‍රී ලංකාව හා මැදපෙරදිග අතර සහල් හා තෙල් හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙළක් තව වසර තුනකින් ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වී ඇති නිසා ඉදිරි වසර තුනේදී තවත් ශක්තිමත් වී මෙම හුවමාරු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත. කුමන තත්ත්වයක් යටතේ වුවද ආහාර නිෂ්පාදනය නතර නොකරන ලෙසට ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි මෙම නව වැඩපිළිවෙළ ගැන කරණු අනාවරණය කරන කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා කියයි.

බටහිර රටවල්වල අවශ්‍යතාවයන් පරාජය කිරීම සඳහා මේ අවස්ථාවේ අපට කළ හැකි හොඳම දේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීම යැයි කී අබේවර්ධන මහතා එමඟින් තව නොබෝ දිනකින් බලවත් රටවල් අපේ රට ඉදිරියේ දණ ගස්සවා ගැනීමට අපට අවස්ථාව ලැබෙන්නේ යැයි ද කීවේය.

ආහාර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ජනාධිපතිවරයා විසින් ලබාදෙන අතර මෙරට බැංකු ක්ෂේත්‍රවල ණය දෙන ක්‍රමයේ වෙනසක් කර දේපළ උගසට නොව හැකියාව පදනම් කරගෙන ගොවින්ට ණය දෙන ක්‍රමයක් ඇති කළ යුතු බවත් හෙතෙම පැවසීය.

ලෝකයේ ආහාර හිඟයෙන් පෙළෙන ජනතාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකාවෙන් සහල් මෙට්‍රික් ටොන් 500 ක් ලබාදීමට අපට හැකියාව ලැබුණු බව පැවසූ ඒ මහතා ලෝකයේ ආහාර නොමැති ජනතාවට පිහිටවීමට අපට අවස්ථාව ලැබුණේ රට සහලින් ස්වයංපෝෂිත වී ඇති නිසා බවත් කීවේය. අපේ ජනතාවට දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වන්නේ තවත් වසර තුනක් හෝ හතරක් පමණක් බව පැවසූ ඇමැතිවරයා තව වසර තුනකින් සහල්වලට තෙල් හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද කීවේය.

පසු අස්වනු තාක්ෂණ ආයතනය පසුගිය වසරේ සිදු කළ පර්යේෂණ එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පදනම් ආයතනයේ දී ය.


http://www.dinamina.lk/2012/03/09/_art.asp?fn=p1203093


Oil for rice barter system soon - Agriculture Minister

Ishara MUDUGAMUWA

Sri Lanka can use a barter system to exchange rice for oil in three to four years, said Agriculture Minister Mahinda Yapa Abeywardena.

Participating in the Post Harvest Technology Institute Research Symposium yesterday at the Sri Lanka Foundation Institute, Minister Abeywardena said that the country can overcome all its difficulties within the next few years.

“Sri Lanka is self-sufficient in rice. We will take measures to exchange our rice with Middle Eastern countries. India exchanges gold for oil. Though we can live without gold, we cannot live without fuel. In future there will be a huge demand for food.

Our President Mahinda Rajapaksa always encourage us to grow our own food. "Today, every part of Sri lanka is ours. So we should get maximum use of every inch of land. The President advised us not to stop food production for any reason. He provide funds without hesitation. Though we have a surplus of food, we should cultivate more.

We will be able to help other countries which face food shortages. Most of the countries will have to face a food crisis. Due to the climate change, a majority of the people will not be able to produce food. We have already provided 500 metric tons of paddy to the World Food Programme.

"When we are trying to progress on our own,certain Western forces are trying to destroy our plans. They are on a campaign to destroy all our wishes. They are trying to destroy our future. Sri Lankans are ready to defeat all theses forces. It is our nature. We never kneel before the West",the minister said. "Powerful countries always try to destroy food producing countries. Some powerful countries who making false aalegations against Sri Lanka are responsible for the deaths of thousands of people. But they never talk about any humans rights violations. Darusman accuses us of rights violations, but never talks about what happened to Libya or Iraq.

http://www.dailynews.lk/2012/03/09/news03.asp

No comments:

Post a Comment