Sunday, March 11, 2012

ග්ලෝකෝමා පරීක්ෂණ නොමිලේ

ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු 11 සිට 17 දක්වා පැවැත්වේ. මෙවර තේමාව ග්ලෝකෝමාවට ජීවිතය අඳුරු කරන්නට ඉඩ නොදෙමු යන්නය. ප්‍රධාන උත්සවය මාර්තු 13 යාපනය මහ රෝහලේ දී පැවැත්වේ.

එදින යාපනය අර්ධද්වීපය හා උතුරු නැඟෙනහිර පළාත්වාසී වයස අවුරුදු 40ට වැඩි කවර පුද්ගලයකුට වුවද යාපනය මහ රෝහලේ නොමිලේ පැවැත්වෙන ග්ලෝකෝමා සායනයට පෙරවරු 8.00 සිට සහභාගී විය හැකිය. කොළඹ නයනාරෝග්‍යශාලාවේ නොමිලේ ග්ලෝකෝමා අක්ෂි සායනය පැවැත්වෙන්නේ මාර්තු 15 වැනිදාය.

මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ පවුල්වල වයස අවු.40ට වැඩි සාමාජිකයන් සඳහා ද නොමිලේ ග්ලෝකෝමා අක්ෂි සායනයක් පැවැත්වේ. මෙම සායනය මාර්තු 16 දා පෙරවරු 10.00 සිට කොළඹ නයනාරෝග්‍යශාලාවේදී පැවැත්වේ. ග්ලෝකෝමා සතිය වෙනුවෙන් දිවයින පුරා රෝහල්වල ග්ලෝකෝමා සායන පැවැත්වේ.


http://www.silumina.lk/2012/03/11/_art.asp?fn=aa1203118

No comments:

Post a Comment