- 2008 මැයි මස අරඹා පුරා වසර 4 කට අධික කාලයක් සිදු කළ පර්යේෂණය පිළිබඳ කිසිදු නිරවුල් ඉදිරිපත් කිරීමක් සිදු නොවීය. ලෝකයේ මේ ආකාරයට වකුගඩු රෝග පැතිරී ඇති අන් රටවලට සාපේක්ෂව පර්යේෂණය අතින් ඉදිරියෙන් සිටිනවා යැයි පුනපුනා පැවසුවද පර්යේෂණය තුලින් කිසිදු වැදගත් කරුණක් ස්ථීර ලෙස සනාථ කරගෙන ඇති බව නොපැවසිණ.
- රෝගීන්ගේ නියපොතුවල සහ මුත‍්‍රා සාම්පලවල ඉහල බැර ලෝහ ප‍්‍රමාණයක් අඩංගු බව මෙහිදී පැවසිණ. තවද රෝගය බහුල ප‍්‍රදේශවල පසේද ඉහල බැර ලෝහ ප‍්‍රමාණයක් අඩංගු බව පැවසිණ. එසේ වුවත් පුනපුනා පැවසූ කරුණක් වූයේ ජලයේ හෝ ආහාරවල බැර ලෝහ ඉහල ප‍්‍රමාණයක් අඩංගු නොවන බවයි. එසේ නම් නියපොතුවලට සහ මුත‍්‍රා වලට බැර ලෝහ පැමිණියේ කෙසේද? ඒවා සිරුර තුල නිපදවෙනවාද?
- බැර ලෝහ පසට එකතුවන ප‍්‍රභවය සම්බන්ධයෙන් දැරූ අදහස වූයේ පළිබෝධනාශක සහ පොහොරවල ඒවා යම් යම් ප‍්‍රමාණවලින් අඩංගු බවත් වාතයෙන් ද බැරලෝහ පැමිණිය හැකි බවත් ඒ ගැන තවමත් පර්යේෂණ පවත්වා නැති නිසා ස්ථිරව යමක් ප‍්‍රකාශ කළ නොහැකි බවත්ය. වකුගඩු රෝගය සුලභව පැතිර ඇත්තේ අනුරාධපුර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ වැනි කෘෂිකාර්මික ප‍්‍රදේශවලය. කොළඹ හෝ මහනුවර නැති වායු දූෂණයක් එම ප‍්‍රදේශවල ඇතැයි මේ පර්යේෂණ කණ්ඩායම සිතන්නේද? තවද බැරලෝහ වාතය මගින් පැමිණ මේ ආකාරයේ දූෂණයක් සිදු වේයැයි පැවසීමම විහිළුවකි. මෙය පළිබෝධනාශක සහ රසායනික පොහොර වලින් සිදු වන හානිය වසන් කිරීම සඳහාම ගොතන ලද හාස්‍යජනක කතාවකි.
- නිධන්ගත වකුගඩු රෝගයක් වර්ගීකරණය කරන්නේ රෝගීන්ගේ වකුගඩුවල පෙරීමේ සීඝ‍්‍රතාව (eGFR) මතයි. ඒ අනුව වකුගඩු රෝගීන් කාණ්ඩ 4කට (හෝ 5කට) වර්ග කෙරේ. මෙහිදී උත්සාහ දැරුවේ I සහ II කාණ්ඩයේ රෝගින්ගේ රෝගය ආරම්භක අවස්ථාවේ ඇති බව දක්වමින් රෝගයේ භයානක බව වසන් කිරීමටයි. I සහ II කාණ්ඩයේ සිටියද ඔවුන් වකුගඩු රෝගීන්මය. මෙහිදී හෙලිවූ කරුණු අනුව මේ ප‍්‍රදේශවල අවුරුදු 50-70 අතර ජනතාවගෙන් 15.9% වකුගඩු රෝගීන්ය.
- පුවත්පත් සාකච්ඡුාවේදී අදහස් දැක්වු ශ‍්‍රි ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය මේතා මහතා පැවසුවේ ”තවදුරටත් මෙය හදුනා නොගත් හේතුවකින් හට ගත් වකුගඩු රෝගයක් නොව බැර ලෝහ නිසා රෝගය හටගන්නා බවට එළියක් දැන් වැටී ඇති බවයි” එම බැර ලෝහ පිළිබඳව වෛද්‍ය ශාන්ති මෙන්ඩිස් මහත්මිය පැවසූයේ කැඞ්මියම් ආසනික් සහ ඊයම් පිළිබඳව වැඩි අවධානයක් යොමු වු බවයි. නමුත් රෝගය උතුරු මැද සහ වියලි කලාපීය කෘෂිකාර්මික ප‍්‍රදේශවලට සිමා වීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොවීය. රෝගයට පානීය ජලයේ සම්බන්ධයක් ඇතැයි කීම ආරම්භයේදී වෛද්‍ය මෙන්ඩිස් මහත්මිය බැහැර කලද අවසානයේ පැවසුයේ පානීය ජලයේ ඇති කිවුල සහ බැරලෝහ ශරීරගත වීම අතර සබදතාවක් ඇත්දැයි ඉදිරියේදී පර්යේෂණ පවත්වන බවයි. එසේ නම් රෝගයට පානීය ජලයේ සම්බන්ධයක් නැතැයි ඒ මහත්මිය පර්යේෂණය නිමාවීමට පෙර පවසන්නේ කුමන විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුවද?
ස්තූතියි,
මෙයට - විශ්වාසී,
ගයාන් ප‍්‍රදීප් විජේතුංග
සහාය වැඩසටහන් කළමනාකරුස්වභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහන
2012-06-28
No comments:
Post a Comment