Saturday, January 12, 2013

Weragamawatta visited by Italian donor

වාද්දුව වේරගම සුනාමි ගමේ වැසියන්ගේ දුක-සැප බලන්න අමුත්තෙක් ඇවිත්

එච්. එල්. සුනිල් ශාන්ත
කළුතර ඩේලි නිවුස් වාර්තාකරු



ඉතාලියේ බොල්සානෝ ප්‍රාන්තයේ ජනාධිපති ආචාර්ය ලුයිස් ඩර්න්වෝල්ඩර් මහතා උත්සවය අමතමින් අයුරු.

ඡායාරූපය - කළුතර ඩේලිනිවුස්

කළුතර, වාද්දුව වේරගම සුනාමි ගම්මානයේ නිවාසවල ජීවත්වන සුනාමි විපතට ගොදුරු වූ ජනතාව හා ඔවුන්ගේ නිවාස පරීක්‍ෂා කර බැලීමට ඉතාලියේ බොල්සානෝ ප්‍රාන්තයේ ප්‍රධානී, ආචාර්ය ලුයිස් ඩර්න්වෝල්ඩර් මහතා ඇතුළු ඉතාලි දූත පිරිසක් පසුගියදා මෙරටට පැමිණියහ.

මේ අවස්ථාවට කළුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතාද සහභාගි විය. මේ පිරිස වේරගම වත්ත පිවිසුමේදී පිළිගැනීමෙන් අනතුරුව එම විදේශීය දූත පිරිස, ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සංවිධානය මත, ප්‍රජා ශාලාව වෙත පෙරහරකින් කැඳවාගෙන එන ලදී.

ප්‍රධානී ලූයිස් ඩර්න්වෝල්ඩර් මහතා විසින් ඉතාලි බසින් ජනතාව අමතා කරන ලද සම්පූර්ණ කථාව, උසෝඩොප් සංවිධානයේ නියෝජිතවරියක් විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කළාය.

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු මහතා විසින් එම කථාව සිංහල බසින් ඉදිරිපත් කළේය.

සුනාමි ව්‍යසනයේදී ලෝකයේ රටවල් ගණනාවක්ම ඊට ඉතා අවාසනාවන්ත ලෙස මුහුණ දුන් බවත්, ලංකාව වැනි ඉතා දිලිඳු රටක ජනතාවට එය බෙහෙවින්ම දරාගත නොහැකි දරුණු විපතක් ලෙස තමා දුටු බවත් හෙතෙම කීය.

දුප්පත් ජනතාවට උපකාර කිරීමට තමාත් තම රටවැසියනුත් එදා තීරණය කළ බවත් ඒ අනුව ලංකාවේ සුනාමි ගම්මානයක් සඳහා නිවාස හදා ගැනීමට තමා ඉදිරිපත් වූ බවකි.

මේ නිවාස ඉතා පිරිසිදුව හා ආරක්ෂාකාරීව පරිහරණය කරනු ඇතැයි බලාපොරොත්තු වනු ඇති බවත්, ඉතාලි ජනාධිපතිවරයා කීවේය.

http://www.dinamina.lk/2013/01/12/_art.asp?fn=r1301123

No comments:

Post a Comment