Monday, April 28, 2014

Wilpattu Encroachment Issue (article)

විල්පත්තුවෙන් මතු වන්නේ පරිසර අර්බුදයකි
http://www.vidusara.com/2014/04/23/feature2.html

වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව රජයේ වනාන්තර සංරක්‌ෂණ කටයුතු නිසි පරිදි සිදු නො කිරීමේ බේදවාචකයක්‌ ලෙස තුළ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ විශාල වන විනාශයක්‌ සිදු වෙමින් පවතී. මේ අනුව සිදු වන එක්‌ විනාශයක්‌ ලෙස මන්නාරම දිස්‌ත්‍රික්‌කය මුල් කරගනිමින් නව පදිංචි කිරීම් ස`දහා සිදු වන කටයුතු ස`දහන් කළ හැකි ය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සිට බොහෝ අණපනත්වලින් ආවරණය වන කටයුතු කිසිවක්‌ ක්‍රියාත්මක නො කරමින් දේශපාලනඥයන් ගේ අවශ්‍යතාව වෙනුවෙන් නිලධාරීන් මේ විනාශය ස`දහා අවස්‌ථාව සලසා ඇති බවක්‌ පෙනේ. මේ වන විට මේ ක්‍රියාව ජාතික පරිසර හා ජන වර්ග අතර ගැටලුවක්‌ දක්‌වා ප්‍රසාරණය වෙමින් පවතී.

මේ මහා පරිසර විනාශයේ ආරම්භය දැනට වසරකට හෝ ඊටත් වැඩි කාලයකට පෙර සිදු ව ඇති බව පෙනේ. මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම් වෙත, 2013 පෙබරවාරි 14 දින වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද ලිපියක්‌ ඊට සාධක සපයයි. එම`ගින් වනාන්තර විනාශ කර ජනතාව පදිංචි කිරීම ස`දහා අවස්‌ථාව සලසා දී ඇත. එහි ස`දහන් වන පරිදි මන්නාරම, වවුනියාව, හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවලින් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් ප්‍රමාණයක්‌ ජනතාව පදිංචි කිරීම ස`දහා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස්‌ කර ඇත. මීට අදාළව 2013 ජනවාරි මස පැවැති රැස්‌වීමට පරිසර අමාත්‍යංශයේ ලේකම් ගේ සහභාගීත්වය පැවැති බව ද වාර්තා වේ. මේ පිළිබ`ද තීරණ ගැනීමේ දී මේ නිදහස්‌ කරන සියලු ප්‍රදේශ රජයේ කැළෑ ලෙස වන ආඥා පනතේ අර්ථකතනය වන භූමි ප්‍රදේශ වේ. එහෙත් සියලු ඉල්ලීම් ලිපි සහ අනුමැතිය දීමේ ලිපිවල ස`දහන් වන්නේ නැවත පදිංචි කිරීම ස`දහා මේ කටයුතු සිදු කෙරෙන බවයි.

මේ කරුණු අනුව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ අක්‌කර 3500ක්‌ පමණ ද වවුනියාව හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවල අක්‌කර 1500ක්‌ පමණ ද වරින් වර නිදහස්‌ කර ඇති බවක්‌ පෙනේ.


මේ සිදුවීමෙන් මතු වන ගැටලූ

මේ නව පදිංචි කිරීම සිදු වන්නේ කරුණු රැසක්‌ උල්ලංඝනය කරමිනි. ඒවා කෙටියෙන් පහත දක්‌වා ඇත.

01. නව පදිංචි කිරීම ස`දහා නැවත පදිංචි කිරීම යන ශීර්ෂය භාවිත කර ඇත. එහෙත් මෙය නව පදිංචි කිරීමකි. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව සතු රජයේ කැළෑ තුළ සිදු කරන්නක්‌ බැවින් එම වචනය භාවිත කිරීම ම`ගින් රජයේ කැළෑ අනාරක්‌ෂිත තත්ත්වයකට පත් කිරීමක්‌ සිදු කර ඇත. මේ නිසා නව පදිංචි කිරීම් යන වචනය භාවිත කිරීමේ වගකීම හා නව පදිංචි කිරීමක්‌ යන අර්ථයෙන් කටයුතු කිරීමේ වගකීම පැහැර හැර ඇත.

02. තව ද වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව රජය සතු ඉඩම්, අවශ්‍යතාවයේ පරිදි භාවිත කිරීම, යන වචනය භාවිත කරමින්, මේ ඉඩම් නිදහස්‌ කර ඇත. එම වචන භාවිතයේ සදොස්‌ අර්ථය ම`ගින් බරපතළ විනාශයක්‌ සිදු වීමට අවස්‌ථාව සලසා ඇත. එම ලිපිය ම`ගින් උපායශීලී ව ඉඩම් අත්පත් කරගැනීමේ සීමාව විශාල කර ගැනීමට අවස්‌ථාව සලසා ඇත. උදාහරණයක්‌ වශයෙන් වන සංරක්‌ෂක ගේ ලිපියේ මීටර් 200ක පළල බිම් තීරුවට අදාළ දිග සීමාවක්‌ දක්‌වා නොමැත.

03. වගකීම් රහිත ආකාරයකින් සිදු කරන ලද මේ ඉඩම් නිදහස්‌ කිරීම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ වනාන්තර රැකගැනීමට මෙතෙක්‌ දැරූ සියලු කාර්යයන්ට හානියක්‌ කර ඇත. මේ නිසා රක්‌ෂිත තත්ත්වයට ප්‍රකාශයට පත් නො වූ විශාල කැළෑ බිම් ප්‍රමාණයක්‌ අනාරක්‌ෂිත වී ඇත. එමෙන් ම මෙහි දී රක්‌ෂිත වනාන්තර ඉඩම් නිදහස්‌ කිරීමක්‌ ද සිදු වී ඇති අතර එම`ගින් රක්‌ෂිත වානාන්තර ආනාරක්‌ෂිත තත්ත්වයට පත් කිරීම ද සිදු කර ඇත.

04. වන ආඥාපනතේ වගන්ති භාවිත කරමින් ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය ගොනු කළ පටපිලිකන්ද හා කෝකිලායි වැනි නඩු තීන්දු ම`ගින් මෙවැනි අනවසර අත්පත් කරගැනීම් සහ නව පදිංචි වීම සදහා වනාන්තර විනාශ කිරීම පසුගිය කාලයේ වළක්‌වාලන ලදී. එවැනි තත්ත්වයක්‌ තුළ මෙහි දී ද එම කරුණු පෙන්වා දෙමින් දේශපාලනඥයන් දැනුවත් කිරීම, අදාළ අනුමැතියන් නිකුත් කිරීමෙන් වැළකීමේ හැකියාව වන සංරක්‌ෂකවරයාට තිබිණි.

05. වන අඥා පනත හා ජාතික පරිසර පනත අනුව පාරිසරික ශක්‍යතා වාර්තාවකින් තොර ව මෙවැනි ඉඩම් නිදහස්‌ කිරීමක්‌ ස`දහා කිසිදු පාර්ශ්වයකට නීතිමය අවස්‌ථාවක්‌ නොමැත. එබැවින් එම අණ පනත් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ද සිදු වී ඇත.

06. නව පදිංචි කිරීම් ස`දහා ඉඩම් භාවිත වන ප්‍රදේශ බොහොමයක්‌ පුරා පුරාවිද්‍යාත්මක වටිනාකම් වාර්තා වන අතර ඒ බොහොමයක්‌ පිළිබ`දව විධිමත් ගවේෂණයක්‌ මෙතෙක්‌ සිදු වී නොමැත. එවැනි තත්ත්වයක්‌ තුළ පුරාවිද්‍යා ශක්‍යතා අධ්‍යයනයකින් තොර ව ඉඩම් නිsදහස්‌ කිරීම ම`ගින් පුරා විද්‍යා වටිනාකම් ස`දහා සිදු වන හානිය නො සලකාහැරීමක්‌ සිදු කර ඇත. එමෙන් ම මෙවැනි සිදුවීමක්‌ වාර්තා වූ වහා ම පවතින පුරාවිද්‍යා වටිනාකම් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ම`ගින් නීතිය ක්‍රියාත්මක කිරීමක්‌ ද සිදු වී නොමැත. එමෙන් ම වන සංරක්‌ෂක ජනරාල්වරයා තම අනුමැතිය නිකුත් කිරීමට පෙර පුරාවිද්‍යා ශක්‍යතා අධ්‍යයනයක්‌ ම`ගින් ලබා දෙන කරුණු පිළිබ`දව තම අවධානය යොමු කිරීමක්‌ ද දක්‌නට නොමැත. පැහැදිලිව ම පුරාවිද්‍යා ශක්‍යතා අධ්‍යයනය අමතක කර ඇත.

07. මේ නව පදිංචි කිරීම් ස`දහා යොදාගෙන ඇති ප්‍රදේශයට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ කොටසක්‌ ද අයත් වේ. එබැවින් එම දෙපාර්තමේන්තුවේ නොදැනුවත්භාවයකින් වනාන්තර ඉඩම්, වනාන්තර නො වන කටයුත්තක්‌ ස`දහා යෙදවීමට වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නො කළ යුතු ය. එහෙත් මෙහි දී එය සිදු කර ඇති බවක්‌ පෙනේ. තව ද මේ බව 2014-04-17 දින කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන් ආකාරයට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති අභයභූමියක ද අනවසර පදිංචිවීම් වාර්තා වී තිබේ.

08. මේ ඉඩම් නිදහස්‌ කිරීමේ දී වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව එම ඉඩම්වල පවතින වෘක්‌ෂලතා ඉවත් කිරීමේ නීතිමය රාමුව තුළ කටයුතු කිරීම ද පැහැර හැර ඇත. යම් කිසි ඉඩමක්‌ නිදහස්‌ කිරීමේ දී එහි පවතින වෘක්‌ෂලතා ඇස්‌තමේන්තු කිරීමක්‌ සිදු කර ඒවා ඉවත් කිරීමේ ආයතනික ක්‍රමවේදයක්‌ ඇත. ඒ අනුව රජය විසින් දැව ඉවත් කිරීම හෝ එම දැවවල වටිනාකම අත්පත් කරගැනීම ම`ගහැරී ඇත. මේ නිසා රජයට සිදු වූ හානිය අති මහත් ය. වියළි කලාපීය වනාන්තර ප්‍රදේශයන්හි වටිනා දැව පවතින අතර එම දැව නීතිවිරෝධී ආකාරයෙන් හෙළීම, ප්‍රවාහනය හා භාවිතය සිදු කිරීමට අවස්‌ථාව ලබා දෙන ලදී. මේ අනුව දැව අලෙවිය සිදු කිරීමටත් දැව රිසි පරිදි තම අවශ්‍යතා ස`දහා පදිංචිකරුවන් විසින් භාවිත කරනු ලැබීමත් සිදු වී ඇත. ඒ පිළිබ`දව කිසිදු අවස්‌ථාවක ක්‌ෂේත්‍ර නිලධාරීන් ගේ කිසිදු අධීක්‌ෂණයක්‌ හෝ වන ආඥාපනත අනුව නීතිය ක්‍රියාත්මක කිරීමක්‌ සිදු වී නොමැත. මේ පිළිබ`දව ප්‍රදේශයේ පොලීසිය හෝ ක්‍රියාත්මක වීමක්‌ වාර්තා නො වේ.

09. වන ආඥා පනත අනුව දැව හෙළීමේ, ප්‍රවාහනය කිරීමේ හෝ භාවිතයේ නීති ක්‍රියාත්මක නො කිරීමෙන් සහ නීති විරෝධී ආකාරයෙන් භාවිතයටගැනීමට අවස්‌ථාව සැලසීම සිදු කර ඇත. එම`ගින් දෙපාර්තමේන්තුව මේ ඉඩම් භාවිතය සම්බන්ධයෙන් පක්‌ෂපාතී හා නීතිය අසමාන අයුරින් ක්‍රියාත්ම කිරීම සිදු කර ඇත. මෙහි දී දැව ජාවාරම් ස`දහා අවස්‌ථාව ලබා දෙන වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව රටේ අනෙක්‌ සියලු තැන්හි නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

10. විධිමත්ව පවුල් තෝරාගැනීමෙන් අනතුරු ව ඒ ස`දහා ඉඩම් නිකුත් කිරීම වෙනුවට වන සංරක්‌ෂක විසින් ඉඩම් නිදහස්‌ කර, ඉන් පසුව පවුල් තෝරාගැනීමට යෝජනා කරමින් කටයුතු කිරීමක්‌ ද දක්‌නට ලැබේ.
මෙවැනි දෝෂසහගත සහ පක්‌ෂපාතී ආකාරයෙන් කටයුතු කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12.2 වගන්තිවල ස`දහන් පරිදි නීතිය, රැකවරණය සැමට සාධාරණය යන තත්ත්වය පිළිබ`දව නො සලකාහැරීම හා වගකීම් රහිත ව කටයුතු කිරීම ද සිදු වී ඇත.

වනාන්තරවල වැදගත්කම

මේ පදිංචි කිරීම් ස`දහා නිදහස්‌ කර ඇති වනාන්තර අතර විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පරිවාර වනාන්තරවල පවතින ජෛව විවිවිධත්වය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් වේ. මේ වටිනාකම මත ජාත්‍යන්තර රම්සා ලේඛනයට ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය එක්‌ වී ඇත. එහෙත් ජාත්‍යන්තර සම්මුති පිළිබ`දව නො සලකා හරිමින් මේ වන විනාශය සදහා අවශ්‍ය අනුමැතීන් නිකුත් කිරීම වන සංරක්‌ෂණ ජනරාල් විසින් සිදු කරනු ලැබ ඇති බවක්‌ පෙනේ. එමෙන් ම රෙඩ් ප්ලස්‌ (REDD +) වැනි ජාත්‍යන්තර වැඩසටහන් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව උදා වූයේ, ශ්‍රී ලංකාවේ පවතින යහපත් තත්ත්වය පාදක කරගනිමිනි. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි යහපත් වනාන්තර කළමනාකරණයක්‌ නො වන බව උදාහරණ දැක්‌වීමට වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී කටයුතු කර ඇත. මෙවැනි තීරණයකට පෙර ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක්‌ ඇති වීමේ අවදානම සියලු පාර්ශ්වයන්ට පෙන්වා දීම තම රටට, තම රජයට හා තම ආයතනයට වගකියන නිලධාරියකු ගේ යුතුකම වන්නේ ය. දේශපාලනඥයන් කිහිප දෙනකු ගේ ක්‍රියාකලාපයන් හමුවේ මේ සියල්ල පසෙක තබා වන සංරක්‌ෂණ ජනරාල් ඇතුළු නිලධාරීන් මේ විනාශයට මුල පිරීම සිදු කර ඇත.

මේ නිසා අද විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ අවට කලාපයේ විශාල සංචාරක වටිනාකමක්‌ පැවතිය ද එය විනාශ වන තත්ත්වයක්‌ උදා වී ඇත. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව වගකීම් සහිත නීති ගරුක රාජ්‍ය ආයතනයක්‌ වශයෙන් වනාන්තර කළමනාකරණය කරගනිමින් රටේ සංවර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබ`දව සියලු පාර්ශ්ව දැනුවත් කළ යුතු ය. එහෙත් සිදු වන්නේ එක්‌ එක්‌ අය ගේ රුචිකත්වයට, බලපෑම්වලට හිස නමමින් රාජ්‍ය දේපළ විනාශ කිරීමට තම අනුමැතිය සහ සහයෝගය ලබා දීමයි.

එහෙත් මේ වෙද්දී මුස්‌ලිම් ජනතාවට ස්‌ථිර පදිංචිය ලබා ගැනීමේ දී විශාල අසාධාරණයක්‌ සිදු වන බවට ජාත්‍යන්තර ව ප්‍රචාරයක්‌ ද සිදු වෙමින් පවතී. එක්‌ අතකින් පරිසර විනාශයක්‌ සිදු වන අතර සිදු විය හැකි විනාශය වැළැක්‌වීමේ වගකීමෙන් ද රජයේ ආයතන තවදුරටත් බැහැර වී ඇති බවක්‌ පෙනේ. තවත් බලා සිටිමින් කල් මැරීම, ඇතුන් ලවා හෝ ඇද්දවිය නොහැකි ප්‍රතිවිපාක සඳහා අවස්‌ථාවක්‌ විය හැකි ය. රටේ අනෙක්‌ ප්‍රදේශවල වනාන්තර මායිම් ඉඩම් භාවිත කරන ජනතාවට නීතිය ක්‍රියාත්මක කර නිතිපතා ද`ඩුවම් උරුම වෙද්දී, මේ නව පදිංචි කිරීම් සම්බන්ධ ව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නො වේ නම් එය ඉතා කණගාටුදායක ය. එසේ ම ඉඩම් බෙදීම හෝ ඉදිකිරීම් ජනවාර්ගික පදනම මත සිදු නො විය යුත්තකි.

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ
බන්දුරංග කාරියවසම් 

විශේෂ ස්‌තූතිය - ආචාර්ය සමන්ත සුරන්ජන් හා නීතීඥ චවිරු සිරිසේන මහත්වරු
ඡායාරූප - කපිල තෙන්නකෝන්

No comments:

Post a Comment