වයඹ පළාත් සංචාරක
සේන ඉදිරිසිංහ
පුජා වන කළමනාකරණ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මාන 40ක් සම්බන්ධ කරගෙන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කුරුණෑගල දිස්ත්‍රික් වන නිලධාරී තිලක් ප්‍රේමකාන්ත මහතා පැවැසීය.
පළාතේ වනාත්තර ආශ්‍රිත ගම්මානවල වෙසෙන ජනතාවට රැකියා පුහුණුව සලසා දෙමින් එම ගම්මානවල පොදු සංවර්ධන කටයුතුවලට උදව් උපකාර කිරීම මේ යටතේ සිදුකැරේ. ගම හා වන සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීම මේ වැඩපිළිවෙළේ අරමුණයි. මේ සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ එක් ගමකට රුපියල් ලක්ෂ 3 සිට 5 දක්වා මුදල් ලබාදෙයි.
http://www.dinamina.lk/2012/01/07/_art.asp?fn=r1201077
No comments:
Post a Comment