ලියුම් ප්‍රමාද වීමේ අවදානමක්
ප්‍රියදර්ශන ලියනගේ
දුම්රිය තුළ තැපැල් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන ජංගම ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා තැපැල් මලු ප්‍රවාහනය කිරීම සඳහා ලොරි රථ යෙදවීමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
දුම්රිය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන ජංගම තැපැල් කාර්යාල හතරක් තැපැල් දෙපාර්තමේන්තුව සතු වේ. එම කාර්යාල හතර වන්නේ බදුල්ල ජංගම තැපෑල, මහනුවර ජංගම තැපෑල, ගාල්ල ජංගම තැපෑල සහ මඩකලපුව ජංගම තැපෑලයි.
මෙම ජංගම තැපැල් කාර්යාල හතරෙන් අද දවස වන විට ක්‍රියාත්මක වන්නේ බදුල්ල ජංගම තැපෑල සහ මහනුවර ජංගම තැපෑල පමණි. ගාල්ල ජංගම තැපෑල දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව නතර වී ඇති අතර මඩකලපුව ජංගම තැපෑල එවකට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගේ තර්ජන හේතුවෙන් උතුරට දුම්රිය ධාවනය සිදු නොවීම නිසා නතර කරන ලදී.
මෙම ජංගම තැපැල් කාර්යාලක් තුළ තැපැල් කාර්යාලයක සිදු කරන සියලු කටයුතු සිදු කෙරේ. මේ සඳහා ස්‌ථිර කාර්ය මණ්‌ඩලයක්‌ද තැපැල් දෙපාර්තමේන්තුව විසින් පත්කර ඇත.
ඒ අනුව බදුල්ල ජංගම තැපෑල සඳහා නිලධාරීන් පස්‌දෙනකුගෙන් යුත් කණ්‌ඩායම් පහක්‌ද, මහනුවර ජංගම තැපෑල සඳහා නිලධාරීන් තුන්දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායම් තුනක්‌ද යොදවා ඇත.
මෙසේ තිබියදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහනුවර සහ බදුල්ල ජංගම තැපෑල මගින් ආවරණය කරනු ලබන තැපැල් මලු එකතු කිරීම සඳහා ලොරි රථ දෙකක් මේ වන විටත් යොදවා තිබේ. එසේම දුම්රිය මාර්ග අලුත්වැඩියාව හේතුවෙන් නතර කර ඇති ගාල්ල ජංගම තැපෑලට ලැබෙන ලිපි එකතු කිරීම සඳහා තවත් ලොරිරථයක් යොදවා ඇත.
මෙම ජංගම තැපැල් කාර්යාල වසා දමා ඒ සඳහා ලොරි රථ යෙදවීම සිදු කළහොත් තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්‌ත ප්‍රවාහන ජාලයම බිඳවැටී ලිපි සහ පාර්සල් බෙදාහැරීම පැය 24 ත් 48 ත් අතර කාලයක් ප්‍රමාද වනු ඇතැයි වාර්තා වේ.
http://www.divaina.com/2012/01/07/news12.html
No comments:
Post a Comment