ගාල්ල - එස්. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද
උණවටුන වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් පසුව උණවටුන වෙරළ තීරයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීම පිළිබඳව සලකා බැලීමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, වෙරළ සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් නිරීක්‌ෂණ චාරිකාවක නියුතු විය.
වෙරළ සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් සතියේ උණවටුන වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලදී.
මෙම සංචාරයෙන් පසුව අදහස් දැක්‌වූ නියෝජ්‍ය කථානායකවරයා පවසා සිටියේ උණවටුන වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නිසා සංචාරකයන්ට ඇවිද යැමට අසීරුව පැවැති බවද දැන් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් පසුව සංචාරකයන්ට නිදහසේ ඇවිද යැමට හැකි බවද පැවසීය.
නමුත් උණවටුනට සංචාරකයන් පැමිණෙන කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගැනීම පිළිබඳව ගැටලුවක් පවතින බවද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.
මෙහිදී වෙරළ සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න මහතා පවසා සිටියේ උණවටුන වෙරළ තීරය අදියර තුනකින් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
http://www.divaina.com/2012/01/07/provin.html
No comments:
Post a Comment