- ඇමැති දිනේෂ් ගුණවර්ධන
ලක්‍ෂ තිහකට ජලය දෙන්නේ ප්‍රජා ජල ව්‍යාපෘතියෙන්
සිරිමන්ත රත්නසේකර
ලෝකයේ ඇති විශාලතම ප්‍රජා දායකත්ව ව්‍යාපෘතිය අප රටේ ක්‍රියාත්මක වන ප්‍රජා ජල ව්‍යාපෘතිය බව ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ලෝකයට ආදර්ශයක් සකසා දුන් එම ව්‍යාපෘතිය ආරක්‍ෂා කිරීමට "ජාතික ප්‍රජා ජල භාරය" ආරම්භ කළ බවත් එමගින් එම වැඩපිළිවෙළ අඛණ්‌ඩව ඉදිරියට ගෙන යැමට හැකිවෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේ පසුගියදා බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ පැවැති "ජාතික ප්‍රජා ජල භාරය" ස්‌ථාපිත කිරීමේ උත්සවයේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
මෙම "ජාතික ප්‍රජා ජල භාරය" ස්‌ථාපිත කිරීමට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමිවුණා. ප්‍රජා මූල සංවිධානය විසින් තම ප්‍රජාවන්ට ජලය ලබාදීමේ ක්‍රියා පිළිවෙත ශක්‌තිමත් කිරීම හා ස්‌ථාවරව පවත්වාගෙන යාම මෙහි අරමුණයි. දිවයින පුරා ගොනුවූ දෙදහස් පන්සියයක් පමණ වූ ප්‍රජා මූල සංවිධාන හරහා අනාගතයේදී මෙම ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීම හා පවත්වාගෙන යාමට මේ තුළින් හැකිවෙනවා.
මෙරට නළ මාර්ගයෙන් ජලය ලබා ගන්නා ජනතාවගෙන් ලක්‍ෂ 30 ක් පමණ ප්‍රජා ජල ව්‍යාපෘති මගින් ජලය ලබා ගන්නවා. ඒ නිසා ප්‍රජා ජල ව්‍යාපෘති රැක ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් අප යොමු කර තිබෙනවා.
ප්‍රජා ජල ව්‍යාපෘතිවල අනන්‍යතාවය රැක ගනිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව ජාතික ප්‍රජා ජල භාරය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. ඒ තුළින් ප්‍රජා ජල ව්‍යාපෘති ආරක්‍ෂා කිරීමට හැකි වෙනවා. ප්‍රජාවට ඉදිරියට මෙම කටයුතු අඛණ්‌ඩව කර ගැනීමට හැකි වෙනවා.
පළාත් පාලන ආයතන සහ පළාත් සභා මෙම ව්‍යාපෘතියට සුවිශේෂ සම්බන්ධයක් තිබෙනවා. අප රටේ ජනයාගේ අවශ්‍යතා ඉටුකරන ග්‍රාමීය ආයතනයක් ලෙස මෙය ඉදිරියට ගෙන යාමට ජාතික ප්‍රජා ජල භාරයේ භාරකාරත්වය දරන ඔබ සැම කටයුතු කළ යුතුයි. මෙම ප්‍රජා ජල භාරය ඉදිරියේදී විශාල වැඩ කොටසක් සිදුකරනු ඇතැයි අප විශ්වාස කරනවා.
ජාතික ප්‍රජා ජල භාරයේ භාරකරුවන් ලෙස ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශයේ ලේකම් ඒ. අබේගුණසේකර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ සංජය සේනානායක, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්. ජී. පේමලාල්, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපති කරුණාසේන හෙට්‌ටිආරච්චි, එම මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරී ලාල් ප්‍රේමනාත්, ශ්‍රී ලංකා වෝටර් පාටිනර්ෂිප් ආයතනයේ සභාපති කුසුම් අතුකෝරල, ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ හර්ෂ සූරියආරච්චි, ශ්‍රී ලංකා වැසි ජල රැස්‌කරන්නන්ගේ සංසදයේ සභාපති ආචාර්ය ඩී. වීරරත්න, ප්‍රජා මූල සංවිධානය නියෝජනය කරමින් චමිලා ප්‍රියදර්ශනී, සුනිල් රත්නායක සහ ඡේ. එස්. උපාලි යන මහත්ම මහත්මීහු කටයුතු කරති.
http://www.divaina.com/2012/01/06/news25.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment