Thursday, January 19, 2012

බලපත්‍ර නැතිව ගෙනගිය මී ගවයින් 40 දෙනකු අල්ලයි

දඩයම්තලාව - පී. ජයසිංහ

උහන පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත බලපත්‍රයක්‌ නොමැතිව රැගෙන ගොස්‌ සිටි මී ගවයින් හතලිස්‌ දෙනෙකු චවලකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය කියයි.

බණ්‌ඩාරදුව පොලිස්‌ මුර පොළ අසල සිට කලුගල්ඔය වැලිමිබාකන්ද පාමුල අසල කැලෑවේ ගාල්කර සිටි මී ගවයින් හැට දෙනෙකු රුපියල් ලක්‍ෂ අටක මුදලට අලෙවි කර ඇති බවත් එම ගවයින්ගෙන් හතලිස්‌ දෙනෙකු චවලකඩේ පොලිසියේ සහාය ඇතිව සොයා ගත්බවද උහග පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු 18 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පැහැරගෙන යන ලද ඉතිරි මී ගවයින් පිරිස සොයා ගැනීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි. උහන පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. විමල ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් හා චවලකඩේ පොලිසිය පරීක්‍ෂණ පවත්වති.

http://www.divaina.com/2012/01/19/news29.html

No comments:

Post a Comment