තොටුපොළට සමීප වංගුව සහිත මාර්ගය ඉතා අබලන් තත්වයට පත්ව වර්ෂා ජලයෙන් පිරී ඇති ආකාරය
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මොරගහහේන, කහටපිටිය, ඔලබොඩුව, ගෝනාපොළ හරහා පිළියන්දල දක්වා විහිදී ඇති අතුරු මාර්ගයේ ගෝනාපොළ සිට ඔලබොඩුව හන්දිය දක්වා ඇති කි.මී. 1 1/2ක් පමණ වන මාර්ග කොටස වාරි මාර්ගයක් බවට පත්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
එම කොටස අයත් තොටුපොළ සමීපයේ වංගු පෙදෙස වාහනවලට නොව පා ගමනින් ගමන් ගන්නා කෙනෙකුට හෝ ගමන් කිරීමට නොහැකි ලෙස මාර්ගය ඉතා අබලන් තත්වයට පත්ව ඇත. මාර්ගයේ දෙපසෙහි කානු පද්ධතියත් නැත. වර්ෂා දිනවලට ගලා එන ජලය තොටුපොළවලට ගලායන ආකාරයේ කානු පද්ධතියක් සකස් කළහොත් මාර්ග හානිය අවම කර ගැනීමට හැකි යැයි ගම්වාසීහු පවසති.
මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ 13ක් ලංගම බස් හතරක් මෙම මාර්ගයෙහි දිනපතා ධාවනය කෙරේ. කළුගල් ප්‍රවාහනයෙහි යෙදෙන ට්‍රිපර් රථ මෙම මාර්ගයෙහි නොමැති වේලාවක් දක්නට නැත. උදේ 5.00 සිට රාත්‍රී 12.00දක්වා වාහන ගමනා ගමනය සිදු කෙරේ. බස්නාහිර පළාත් සභාවට අයත් මෙම අතුරු මාර්ගය ඉක්මණින් අලුත්වැඩියා නොකළහොත් බරපතළ හානියක් සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති.
http://www.dinamina.lk/2012/01/19/_art.asp?fn=r1201192
No comments:
Post a Comment