Wednesday, January 4, 2012

ආහාර පනත උල්ලංඝනය කළ 4751කට රුපියල් තුන්කෝටියක් දඩ

ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය 13,449 දෙනකුටත් නඩු
සන්ධ්‍යා කරුණාරත්න

ආහාර පනත උල්ලංඝනය කළ පුද්ගලයන් 4751 දෙනකුට එරෙහිව නඩු පවරා පසුගිය වසරේදීි රුපියල් තුන්කෝටි පන්ලක්ෂ විසිපන්දහසක මුදලක් දඩ වශයෙන් අයකර ගැනීමට රට පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වී තිබේ.

අපිරිසුදු ආහාර අලෙවි කිරීම, පිසින ලද ආහාර සමඟ අමු මස් එකම ශීතකරණයේ තැන්පත් කර තිබීම යනාදි හේතු මත මේ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.

මීට සමගාමීව පසුගිය වසරේදී රට පුරා කළ සෝදිසි කිරීම්වලදීි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 13,449 දෙනකුට නඩු පවරා රුපියල් තුන්කෝටි අසූහය ලක්ෂ හැටදහසක් දඩ මුදල් ලෙස අයකර ගැනීමට කටයුතු කර තිබේ. මෙහිදී වැඩිම ඩෙංගු මදුරුවන් බෝකළ ස්ථාන ලෙස කළුතර, ගම්පහ, රත්නපුර දිස්ත්‍රික්ක හඳුනාගත් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

http://www.dinamina.lk/2012/01/04/_art.asp?fn=n12010419

No comments:

Post a Comment