ගන්දර දෙවිනුවර - එස්.කේ. කේ. ගුණතිලක
තලල්ල මුහුදු වෙරළේ වැලි දමා වසා ඇති යෝධ තල්මසා ගේ සිරුර නරක් වී දැඩි දුර්ගන්ධයක් හමා යැමට පටන් ගෙන ඇති නිසා වෙරළ ආශ්‍රිත පදිංචිකරුවන්ට තම නිවෙස්‌වල සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
පසුගිය 3 දා අලුයම තලල්ල මුහුදු වෙරළට ගසාගෙන විත් තිබූ අඩි 60 ක් පමණ දිග මෙම තල්මසා ගොඩට ගෙන වළ දැමීමට දෙවිනුවර ප්‍රාදේශීය සභාව, ගන්දර පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා ගම්වාසීන් දැඩි උත්සාහයක් එදින දවස පුරාම දැරුවත් එය අසාර්ථක වීම නිසා මුහුදු වෙරළේ තල්මසාගේ ශරීරය මතට මුහුදු වැලි දමා වසාදමා තිබේ. නමුත් මේ වන විට මෙයින් දැඩි දුර්ගන්ධයක් හමා යැම නිසා ඒ ආශ්‍රිත පදිංචි විශාල පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි තර්ජනයක් එල්ලවී තිබේ.
මේ සම්බන්ධව දෙවිනුවර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අදහස් දක්‌වමින් කියා සිටියේ මෙම තල්මසා මුහුදෙන් ගොඩට ඇද වළ දැමීමට බැකෝ යන්ත්‍රයක් යොදවා විශාල උත්සාහයක් ගත්තා. අපි එය බැකෝ යන්ත්‍ර යොදවා වළ දැමීමට කටයුතු කරනවා යනුවෙනි.
http://www.divaina.com/2012/01/05/provin01.html
No comments:
Post a Comment