සන්ධ්‍යා කරුණාරත්න
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදෙන රෝහල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන ඇත.
රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝහල්වලින් ඔවුන්ට ලබාදෙන ආහාර වේල අපිරිසිදු බවට ලැබුණු පැමිණිලි සලකා බලමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මේ පියවර ගැනීමට එම සංගමය කටයුතු කර තිබේ.
ඒ අනුව පසුගිය සතියේදි රට පුරා රෝහල් 115 ක් පමණ පරීක්ෂාවට ලක් කළ බවත් ඒ හැම රෝහලකම ආහාර පිළියෙළ කිරීම සම්බන්ධයෙන් ගැටලු පැවැති බවත් එම සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ආහාර පිළියෙළ කිරීමේ මුළුතැන්ගෙයි අඩුපාඩු රැසක් සෑම රෝහලකම පැවැතියේ යැයි ද එම අඩුපාඩු මඟ හරවා ගැනීමට තම නිලධාරින් අදාළ පුද්ගලයන්ට උපදෙස් ලබා දුන්නේ යැයි ද හෙතෙම කීය.
මේ උපදෙස් නොපිළිපදින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවැසුවේය.
සෞඛ්‍ය ආරක්ෂිත පෝෂ්‍යදායි ආහාර වේලක් රෝගීන්ට ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවත් රෝගීන්ට නුසුදුසු ආහාර වේලක් ලබාදීම සිදුකළහොත් වෙනත් රෝගවලට ගොදුරු වීමට ඔවුන්ට සිදු වන බවත් ඒ මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් විශාල මුදලක් නේවාසික රෝගීන්ට ආහාර ලබාදීමට වියදම් කරන අතර එම ආහාර රෝගීන්ට නුසුදුසු ලෙස ලබාදීම සිදු කරන පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදිය යුතු යැයි ද සෙනරත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
http://www.dinamina.lk/2012/01/05/_art.asp?fn=n1201052
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
No comments:
Post a Comment