ප්‍රියදර්ශන ලියනගේ
ධාවනයට සුදුසු තත්ත්වයේ නොමැති නිසි ප්‍රමිතියෙන් තොර රථ වාහනවලට දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලෙස අධිවේගිS මාර්ගයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් දොරටුවල සේවය කරන නිලධාරීන්ට සහ රථවාහන පොලිස් නිලධාරීන් වෙත රජය උපදෙස් ලබාදුන් බව වරාය සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා "දිවයින"ට (16 දා) පැවැසීය.
අධිවේගී මාර්ගයේ සිදුවූ රථ වාහන අනතුරු විශාල ප්‍රමාණයකට හේතුව ප්‍රමිතියෙන් තොර රථ වාහන ධාවනය බව පරීක්‌ෂණවලින්ද හෙළිවීම නිසා මෙම තීරණය ගෙන ඇත.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය. සියලුම වාහනවල ටයර්, සිග්නල් ලයිට්, ෙච්න්, ඇන්ජින් ධාරිතාවය, ආසන බඳපටි ආදිය පිළිබඳව පරීක්‌ෂා කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. නිසි ප්‍රමිතියෙන් තොර කිසිම වාහනයකට මින්පසු දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයට ඇතුළුවීමට ඉඩ ලබා දෙන්නේ නෑ.
http://www.divaina.com/2012/01/20/news18.html
No comments:
Post a Comment