අධික සීත කාලගුණික තත්ත්වයත් සමඟ සුදෝ සුදට හිම මෙන් ඇද වැටෙන මල්තුහින සමඟ සුන්දර වූ නුවරඑළියේ අසිරිය විඳින්නට දෙස් විදෙස් සංචාරකයින් අතිවිශාල පිරිසක් මෙම දිනවල එහි පැමිණෙන බව වාර්තා වෙයි.
මේ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ලැගුම්හල් පිරී පවතින බවත් පාසල් සිසුන් කණ්ඩායම් වශයෙන් පැමිණෙන බවත් දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කීය.
හෝර්ටන් තැන්න ඇතුළු ප්‍රදේශ රැසක සුදු ඇතිරිල්ලක් සේ මල් තුහින පතිත වී තිබෙනු මෙම දිනවල නුවරඑළියේ සුලබ දසුනකි. නුවරඑළිය දිසාපති මැදුරද මෙම දිනවල සංචාරකයින්ගෙන් පිරී පවතින බව වාර්තාවෙයි. හෝර්ටන් තැන්න ආශ්‍රිතව උෂ්ණත්වය පෙරේදා (18) අලුයම 5.00ට පමණ සෙල්සියස් අංශක 2.5 දක්වා අඩුවී තිබූ බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
ඡායාරූප - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්
ඩී.පී.ජී. කුමාරසිරි
http://www.dinamina.lk/2012/01/19/_art.asp?fn=n1201192

No comments:
Post a Comment