Thursday, February 16, 2012

දක්ෂිණ අධිවේගී මඟ දෙපස පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ඉංගිරිය අඩවි වන කාර්යාලයෙන්

ඉංගිරිය මධ්‍යම සමූහ – පි‍්‍රයදර්ශනී කහවල

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්‍ෂක, සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති නිලධාරී පී. එම්. ඒ. ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් ඉංගිරිය අඩවි වන කාර්යාලයීය පැළ තවාන පරීක්‍ෂා කළ අයුරු.
ඡායාරූපය – ඉංගිරිය මධ්‍යම සමූහ

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස බණ්ඩාරගම සිට කොට්ටාව දක්වා වූ බිම් තීරයේ දකුණු පැත්තේ සිටුවීම සඳහා පැළ 4000ක ප්‍රමාණයක් සැපයීමට ඉංගිරිය අඩවි වන කාර්යාලය පියවර ගෙන තිබේ.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම බිම් තීරුවල වන වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු කටයුතු සැලසුම් කර ඇති අතර, මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතියේ කටයුතු ලබන මාර්තු මස මුල සතියේ දී ඇරඹීමට නියමිතය.

මහි පළමු අදියර වශයෙන් දකුණු පස බිම් තීරයේ පැළ සිටුවීම කරන අතර, ඉන්පසු වම් පස බිම් තීරයේ සිටුවීම සඳහා තවත් පැළ 4000ක තවානක් සැකසීමේ කටයුතු ද මේ දිනවල ඉංගිරිය අඩවි වන කාර්යාලය මඟින් සිදු කෙරෙමින් පවතී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්‍ෂක, සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති නිලධාරී පී. එම්. ඒ. ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්, කළුතර දිසා වන නිලධාරිනී පත්මා අබේකෝන් මහත්මියගේ උපදෙස් පරිදි මෙම තවාන් සකස් කර ඇතැයි ඉංගිරිය අඩවි වන නිලධාරී පී. එස්. ලලිත් ජයසිංහ මහතා පැවසීය. මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එච්. එම්. විමලසිංහ මහතා ඇතුළු කළුතර දිසා වන නිලධාරී මහත්ම මහත්මීන් විසින් ඉංගිරිය අඩවි වන කාර්යාලයීය පැළ තවාන පසුගියදා නිරීක්‍ෂණයට ලක් කරන ලද අතර, එහිදී ඉංගිරිය අඩවි වන නිලධාරී ලලිත් ජයසිංහ මහතා ඇතුළු අඩවි වන නිලධාරීන් හට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙසේ ලබා දීමට නියමිත සහ ඇලස්ටෝනියා වර්ග වල පැළ ඇතුළත් බව ඉංගිරිය අඩවි වන නිලධාරිවරයා පැවසීය.


http://www.dinamina.lk/2012/02/16/_art.asp?fn=r1202161

No comments:

Post a Comment