කතරගම - කේ. ඩී. දේවප්‍රිය
අපිට මේ වස්‌තුව දුන්නේ කතරගම දෙවියෝ. මේ මැණික් නිදානේ අයිති මේ පැත්තේ පොළව සමග පොර බදපු අපිට. මේවා මැණික් සංස්‌ථාවට ගන්නවා කියලා වෙනත් ලොකු තනතුරුවල ඉන්න අය මංකොල්ල කන්නයි හදන්නේ. දෙවියෝ දුන්න මේ වස්‌තුව අයිති මේ පැත්තේ මිනිස්‌සුන්ටයි යනුවෙන් කතරගම ගලපිට අසපුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
කතරගම ලුණුගම්වෙහෙර මාර්ගය මේ දිනවල සංවර්ධනය කරන අතර මෙම මාර්ගය ගොඩකිරීම සඳහා =රැගෙන ආ බොරළු ගොඩක් තුළ නිල් මැණික් ගලක් පුද්ගලයකු හට හමුවීමෙන් පසු ලුණුගම්වෙහෙර නව මාර්ගය තුළ ඇති සියලුම පස් මිනිසුන් පොරකමින් මේවන විට මැණික් ලබා ගැනීම පිණිස රැගෙන ගොස් තිබේ.
පස්‌කූඩ හතරක් රැගෙන ගිය පුද්ගලයකුටද මැණික් ගලක් හමුවී ඇති අතර මෙම බොරළුÊරැගෙන ගිය බොහෝ අයට නිල් මැණික් ගල් රැසක් හමුවී තිබේ.
කතරගමටත් ලුණු ගම්වෙහෙර ජලාශයට පහළ කොටසේ ඇති තම්මැන්නා වැවට උඩ ඇති සීකුක්‌කුව නමැති ස්‌ථානයෙන් මෙම නව මාර්ගයට පස් කපා ටිපර් රථවලින් රැගෙන යමින් පැවති මෙම බොරළු තුළ තිබී අසල මාර්ගයේ පුද්ගලයකුහට රුපියල් ලක්‍ෂ 20 ක් වටිනා නිල් මැණිකක් හමුවීමෙන් පසු එය ප්‍රදේශයේ ජනයා දැන ගැනීමත් සමග අදාළ පස් (බොරළු) රැගෙන ආ ස්‌ථානය පිළිබඳව ටිපර් රථ රියෑදුරන්ගෙන් අසාගෙන ජනයා එම මාර්ගයේ තිබු පස් කැපූ ස්‌ථානය කැපීමට ගියත් එය පොලිසිය විසින් වළක්‌වා ආරක්‍ෂා කිරීමට පියවර ගනු ලැබීය.
පොලිසිය පතල් වළ රැකීමත් සමග අදාළ බොරළු රැගෙන ආ ටිපර් රථවල රියෑදුරන් මාර්ගයෙන් බොරළු දැමූ ස්‌ථාන සොයාගත් පිරිස් මාර්ගයේ වළවල් හාරා සියලුම බොරළුÊබෑග් ගෝනි තුළ දමා ගෙන යනු ලැබූ අතර ඇතැම් පිරිස් ට්‍රැක්‌ටර් රථ වලින්ද බොරළු රැගෙන යනු ලැබිය. මාස කීපයක් පුරා අඩිය අඟලට තැලූ මාර්ගය පැය කීපයක් තුළ සම්පූර්ණයෙන්ම ශුද්ධ කර දැමීමට මිනිසුන්ට හැකි විය.
බොරළු කොන්ත්‍රාත්තුව භාරගත් පිරිස සිය ටිපර් රථවලින් බොරළු ලෝඩ් 12/20 ප්‍රමාණයෙන් රහසි ගත ස්‌ථාන වලට රැගෙන ගොස් තිබිණි.
කතරගම ප්‍රදේශයේ එක් ව්‍යාපාරිකයකු විසින් බැකෝ යන්ත්‍ර යොදා මාර්ගයේ තිබූ ඉල්ලම් සහිත බොරළු රැගෙන රාත්‍රියේ ප්‍රවාහනය කළ අතර ඔහුට ප්‍රදේශවාසීන් ගල් ගසා නවතාලනු ලැබීය.
මාර්ගයේ කරනු ලබන කැණීම් නතර කිරීමට පොලිස් නිලධාරීන් යොදවා තිබූ නමුත් මාර්ගයේ සිටි දහසක් පමණ වන ජනයා පාලනය කිරීමට ඔවුන්ට නොහැකි විය.
ඇතැම් පොලිස් ලොක්‌කන්ද මැණික් ගල් ප්‍රථමයෙන් හමුවූ ස්‌ථාන තුළ පොලිසිය දමා බොරළු රැකීමට කටයුතු කළ බව ජනයා පැවසීය.
මෙම බොරළු රැගෙන ගිය පිරිස්‌වලින් බොහෝ අයකුට නිල් මැණික් හමුවී තිබේ. මැණික් ගැනීම සඳහා රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් මැණික් මුදලාලිලා පැමිණ සිටි අතර ප්‍රදේශයේ අයකු වන කේ. විමලරත්න මහතා පැවසුවේ මේ පැත්තේ මිනිස්aසු හරිම අමාරුවෙන් හරියට වතුරවත් නැතිව ජීවත් වුණේ. දෙවියෝ මිනිස්‌සුන්ගේ දුක බලලා මේ දුන්නු වස්‌තුව ආණ්‌ඩුවෙන් හරි අරගෙන මිනිස්‌සුqන්ට දෙන්න ඕනෑ.
ගල් හම්බවුණා විතරයි පිටින් ආපු අය වළ කපන්න දුන්නේ නැති නිසා ඒ වළෙන් පස් දමපු පාර කඩනවා මිනිස්‌සු පව්. මැණික් සංස්‌ථාවෙන් ආවා කියලා ගමේ මිනිස්‌සුන්ට වැඩක් නැහැ.පොලිසිය දමලා රැක ගෙන කොයි වෙලාවේ හරි දේශපාලනඥයන් මේ ඔක්‌කෝම ගිල ගන්නවා. ඒකයි වෙන්නේ යනුවෙන් විමලරත්න මහතා පැවසීය.
නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි අයකු පැවසුවේ මේ වන විටත් ප්‍රබල දේශපාලනඥයකු හම්බන්තොට ප්‍රදේශයේ සිට සිය නියෝජිතයන් එවා මෙම මැණික් තිබුණ පස් ගත්ත වළ ආරක්‍ෂා කරන බවයි.
http://www.divaina.com/2012/02/16/news16.html
පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත්කර අනවසර මැණික් ගැරීමේ දඩ මුදල අඩුකරන්න
කිරිඇල්ල හැරනියාවක හන්දියේ පතල් කම්කරුවෝ උද්ඝෝෂණයක
කිරිඇල්ල - කපිල කුමාර

කළු ගඟ ඇතුළු අතු ගංගාවල නියං කාලයට ගැරුම් වට්‌ටි උපයෝගී කරගෙන අනවසර මැණික් ඉල්ලම් ගරන්නන් අධිකරණයට ඉදිරිපත් කළ විට විශාල ලෙස අයකරන දඩ මුදල අඩුකරන ලෙස හා පොලිස් විශේෂ සේවා බළකාය එම වැටලීම්වලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඊයේ (15 දා) පෙරවරුවේ කිරිඇල්ල හැරනියාවක හන්දියේ දහසකට ආසන්න පතල් කම්කරුවෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. මේ හේතුවෙන් රත්නපුර -පානදුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය දෙකක පමණ කාලයක් විටින් විට බාධා සිදුවිය.
ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස තුළ රත්නපුර ප්‍රදේශයට වියළි කාලගුණයක් පවතින හෙයින් ගංගාවල ජල මට්‌ටම විශාල ලෙස පහළ බසී. මේ හේතුවෙන් එතෙක් දෛනික කුලියට හුරුවී සිටින දුප්පත් කම්කරුවෝ ප්‍රදේශයේ ගංගාවල මැණික් ඉල්ලම් ගැරීමට පුරුදුව සිටිති. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මොවුන් වෙත දැඩි අවධානයක් සිදු නොකළත් මෑතක සිට පොලිස් විශේෂ සේවා බළකාය මගින් එම කම්කරුවන් අත්අඩංගුවට ගෙන පහරදීම් පවා සිදුකර අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් එක් අයකුට රුපියල් ලක්‍ෂය බැගින් දඩ ගෙවීමට සිදුවූ අවස්‌ථා පසුගිය දිනවල සිදුවිය.
මෙම උද්ඝෝෂණයට සහභාගි වූ කැටේපොල සීලරතන හිමියන් "දිවයින"ට පැවසුවේ මේවායේ මැණික් ඉල්ලම් ගරනුයේ ප්‍රදේශයේ දුප්පත් ජනතාව. පොඩි ඉල්ලම් කූඩයකට රුපියල් ලක්‍ෂයක් වැනි දඩ මුදලක් ගෙවීමට සිදුවුණාම එම කම්කරුවන්ගේ මුළු පවුලම අසරණ වෙනවා. මෙය නීති විරෝධී වැඩක් වුවත් පතල් කර්මාන්තය දෙස බැලූ විට මෙමගින් පරිසර හානි අවමයි. මෙසේ අත්අඩංගුවට ගන්න අයට කලින් ගෙවීමට සිදුවූයේ රුපියල් පන්දාහක් වැනි මුදලක්. අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රුපියල් ලක්‍ෂයක දඩ මුදල රුපියල් පන්දහස දක්‌වා අඩුකරන ලෙසත් මෙම වැටලීම් සඳහා පොලිස් විශේෂ සේවා බළකාය ඉවත් කරන ලෙසයි.
http://www.divaina.com/2012/02/16/provin07.html

No comments:
Post a Comment