Thursday, February 16, 2012

Protests against price hikes (6 items)

හලාවත ධීවර උද්ඝෝෂණයේදී වෙඩි වැදී තරුණයෙක්‌ මියයයි
විරෝධතාව මැඬ්මට හමුදාව හා පොලිසිය තැත් කරති8 දෙනෙක් රෝහලේ,තිදෙනුකුට අසාධ්‍යයි


හේමන්ත රන්දුණු සහ පී. සී. හෙට්‌ටිආරච්චි, මාදම්පේ කමල් ප්‍රියංකර, පල්ලම අමිල බුද්ධික, ස්‌වර්ණ ශ්‍රී මහවත්ත සහ ප්‍රියංග ඉලංගමුදලි

ඉන්ධන මිල පහත දමා ධීවර ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත ප්‍රදේශයේ ජනතාව ඊයේ (15 වැනිදා) පෙරවරුවේ ආරම්භ කළ දැවැන්ත උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා පොලිසිය සහ යුද හමුදාව සිදුකළ වෙඩි තැබීමකින් ධීවර තරුණයකු මියගොස්‌ තවත් 8 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

හලාවත තාලඩි ප්‍රදේශයේ පන්දහසකට අධික ධීවර ජනතාව මෙම දැවැන්ත උද්ඝෝෂණය සඳහා එක්‌ව සිටියහ. ඔවුන් පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ කරද්දී එය වළක්‌වාලීම සඳහා පොලිසිය හා යුද හමුදාව වෙඩි ප්‍රහාර එල්ල කර පසුව කඳුළු ගෑස්‌ ප්‍රහාර ද එල්ල කර ඇත.

ධීවර තරුණයා මියගොස්‌ ඇත්තේ මේ අවස්‌ථාවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ය. තරුණයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර ඔහු සිද්ධිය වූ ස්‌ථානයේම මියගියේය.

වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ ධීවරයන් 8 දෙනකු හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

ඉන්ධන මිල පහත හෙළන ලෙස ඉල්ලමින් ඔවුහු දින දෙකක්‌ තිස්‌සේ හලාවත නගරයේ උද්ඝෝෂණවල නිරත වූහ.

ඉකුත් 13 වැනිදා ද මෙම ධීවර ජනතාව පුත්තලම කොළඹ මාර්ගය අවහිර කරමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ අතර දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා එය විසිරුවා හැර තිබිණි.

හලාවත තාලඩි මුහුදු තීරයේ ධීවර ජනතාව 5000 කට අධික පිරිසක්‌ පදිංචි වී සිටින අතර මෙම දැවැන්ත උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබුවේ ඔවුන් විසින් ය.

ඊයේ (15 දා) උදේ වරුවේ සිට මෙම ධීවර පිරිස්‌ සිය විරෝධතාව දක්‌වමින් සිටි අතර 11.30 ට පමණ ඔවුහු පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමට උත්සාහ කළහ.

කෝපයට පත්ව සිටි උද්ඝෝෂකයන් කඩුපොලුවලින් සන්නද්ධව සිටි අතර ඔවුන් හලාවත නගරයට ඇතුළුවීමට උත්සාහ කරද්දී පොලිසිය සහ යුද හමුදාව එය අවහිර කළහ.

ඒ අවස්‌ථාවේ උද්ඝෝෂකයන් පොලිසියට සහ යුද හමුදාවට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ හලාවත නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසඳීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ විය.

පොලිස්‌ අණ නොතකමින් ධීවර ජනතාව හලාවත නගරයට පිවිසීමට උත්සාහ කරද්දී පොලිසිය සහ යුද හමුදාව අහසට වෙඩි තබා, කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කළහ. ඒ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන් සහ හමුදා සෙබළුන් උද්ඝෝෂකයන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

මෙහිදී මරුමුවට පත්වූ ඇන්ටනි නමැති ධීවර තරුණයා හලාවත තාලඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.

ඊයේ (15 දා) දහවල් වන විට හලාවත නගරයට දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා තිබිණි. ඊට අමතරව යුද හමුදාව සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද ආරක්‍ෂාව සඳහා යොදවා සිටිති.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හලාවත නගරයට ගොස්‌ ඇති වී තිබූ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්හ.

මෙහිදී තරුණයකු මරුමුවට පත් කරමින් වෙඩි තැබූ සිද්ධිය පිළිබඳව විශේෂ පොලිස්‌ පරීක්‍ෂණයක්‌ ද ආරම්භ කර ඇත.

හලාවත ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සහ තම දරුවන් පාසල්වලින් රැගෙන යැමට පැමිණි මවුපියන්ගේ පොරකෑම හේතුවෙන් මුළු නගරයම එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්ව තිබූ අතර වාහන ගමනාගමනයට බාධා ඇති විය. මේ අවස්‌ථාව වන විට කඩ සාප්පු ද වසා දමා තිබිණි


http://www.divaina.com/2012/02/16/news01.html


මරදානේ ජ.වි.පෙ. උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑස්‌

අජිත් අලහකෝන් - සිරිමන්ත රත්නසේකර

වැඩි කළ ඉන්ධන ගාස්‌තු වහා අඩු කරන ලෙස ආණ්‌ඩුවට බල කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ ඊයේ (15 දා) මරදානේ පැවැත්වූ උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කරන ලදී.

ජනතා විමුක්‌ති පෙරමුණ මෙම උද්ඝෝෂණය සඳහා ඊයේ (15 දා) සවස 3.30 ට මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයට රැස්‌විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, අනුර කුමාර දිසානායක, හිටපු මන්ත්‍රී කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරුන් ඇතුළු පක්‍ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම උද්ඝෝෂණයට එක්‌ව සිටියහ.

උද්ඝෝෂකයෝ මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ සිට ආණ්‌ඩුවට විරෝධය දක්‌වමින් පා ගමනින් මරදාන දෙසට ගමන් කළහ. මේ අවස්‌ථාවේදී මරදාන දෙසට ඇතුළු වීමේ මාර්ගය අවහිර වන සේ පොලිසිය විසින් මාර්ග බාධක යොදා තිබූ අතර කැරලි මර්දන පොලිසියේ නිලධාරීන් ඇතුළු පොලිස්‌ නිලධාරීහු රැසක්‌ උද්ඝෝෂණය වැළැක්‌වීම සඳහා පෙළ ගැසී සිටියහ.

උද්ඝෝෂකයන් ඒ දෙසට එද්දී පොලිසියේ නිලධාරීහු ඊට බාධා කළහ. එම බාධා නොතකමින් සහ මාර්ග බාධක කඩා දමමින් උද්ඝෝෂකයන් පෙරට යැමට උත්සාහ කළ අතර එවිට පොලිසිය විසින් කඳුළු ගෑස්‌ සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

උද්ඝෝෂකයන් කඳුළු ගෑස්‌ ප්‍රහාරය ද නොතකමින් මරදාන දෙසට යැමට ගත් උත්සාහය පොලිසිය විසින් ව්‍යර්ථ කරනු ලැබීය.


http://www.divaina.com/2012/02/16/news06.html


ධීවරයන් කුපිත කිරීම පිටුපස රාජ්‍ය නොවන සංවිධානයක්

විජයානි එදිරිසිංහ

ධීවර ජනතාව කුපිත කර කළබලකාරී තත්ත්වයක් ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ධීවර ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන ලෝක ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් සිටින බව හෙළි වී තිබේ.

මෙම රාජ්‍ය නොවන සංවිධානය ධීවර සහ ගොවිජන ඒකාබද්ධ ධීවර සහයෝගිතා සංවිධානය නමින් හඳුන්වයි.

මේ රාජ්‍ය නොවන සංවිධානය කොටි සංවිධානය සමඟද සබඳතා පවත්වන බව පැවසේ.

ධීවර ජනතාවගේ ගැටලු පිළිබඳව පෙනී සිටින මුවාවෙන් මේ රාජ්‍ය නොවන සංවිධානය මහා පරිමාණයෙන් මුදල් උපයා ගනියි. ධීවර ජනතාව වෙත ඉන්ධන සහන ලබාදී තිබියදීත් ඔවුන් කුපිත කිරීම මොවුන් දිගින් දිගටම කරගෙන යයි.

ඒ සඳහා ධීවරයින්ට මුදල් ආධාර පමණක් නොව මත්පැන් ආදිය සහ වෙනත් වරප්‍රසාද පවා ලබාදීමටද කටයුතු කර ඇති බව බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇත. ගැටුම් මර්දනයට යන ආරක්ෂක නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඔවුන් කුපිත කර ධීවර ජනතාවට පහර දෙන බවට අසත්‍ය තොරතුරු ලොවපුරා ප්‍රචාරය කරවීම මේ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධාන අරමුණයි.


http://www.dinamina.lk/2012/02/16/_art.asp?fn=n12021610


Fisherman dies in Chilaw violence

Yasaratne GAMAGE

One fisherman died and three others were critically injured following an incident in Chilaw town yesterday where Police tried to control a tense situation amid a protest by fishermen in the area.

According to Police sources the protesters pelted stones at Police officials and the STF personnel deployed in the city used measures to control the mob.

The protestors who stepped back turned violent after some time and had started attacking the Security Forces. Two Police traffic bicycles and a Police truck were badly damaged in the attack. Chilaw Police Superitendent’s official quarters were also damaged.

The Police with STF brought the situation under control. Police Media Spokesman SP Ajith Rohana said that a Police Curfew was in force till 6 am today.

http://www.dailynews.lk/2012/02/16/news11.asp


One killed, eight injured in police, SLA fire as fishermen turn violent

One fisherman was killed and eight others critically injured when the army and the police opened fire to quell a massive protest, by over 5,000 people at the Thalavi area in Chilaw, calling for a reduction in the fuel prices.

The police first fired tear gas in a bid to stop the protestors from blocking the Colombo-Puttalam main road and when that failed they opened fire resulting in the death of the youth who was shot in the head.

The eight fishermen with gunshot injuries were admitted to Chilaw hospital. Three of them were in critical conditions, hospital sources said.

The demonstrators, all fishermen from the Kalladi area had staged their protest campaign over the last two days blocking the Puttalam-Colombo road and were dispersed by the Police. Yesterday, the protestors attempted to forcibly enter the Colombo-Chilaw road resulting in the Police and the Army blocking it. That caused the protestors to aim stones at the Police and the Army.

Efforts by the Chilaw Mayor to diffuse the protest through negotiations failed. When the protestors attempted to forcibly enter Chilaw town, the police and the army first shot in the air and also fired tear gas.

The fisherman who succumbed to his gun shot injuries was identified as one Anthony, also from Kalladi. The Chilaw town was under a heavy security cordon from yesterday afternoon with the police, STF and the army patrolling it.


A special police team led by North Western Range DIG Pujitha Jayasundera made the security arrangements. A special investigation was also launched into the death of the individual in the shootout.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45367


Tear gas fired in Maligawatte to control JVP protesters

The police were forced to use tear gas and water canon on an unruly crowd, of over 1,000 persons, congregated at the P. D. Sirisena Playground yesterday evening protesting against the escalating cost of living as a result of the unprecedented fuel price hike.

People walking on the road who were affected by the tear gas ran helter skelter and even some of the residents of the Maligawatte Housing Scheme were affected. (L.G.)

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=45373

No comments:

Post a Comment