ධීවර සහන මුදල් ඉන්ධනහල්වල ගිණුමට
මසකට වැයවන මුදල කෝටි 25ක්
වැඩපිළිවෙළ ඊයේ සිට ක්‍රියාත්මකයි
බුද්ධිකා ඉඹුලාන
ධීවර යාත්‍රා සඳහා රජය ලබා දෙන ඉන්ධන සහනාධාරය වෙනුවෙන් වූ මුදල්, අදාළ ඉන්ධනහල් වෙත ලබාදීම ඊයේ (15) සිට ආරම්භ කර තිබේ. මේ සඳහා මාසයකට රජය වැයකරන රුපියල් කෝටි 25 කට අධික මුදල් අදාළ බැංකු වෙත තැන්පත් කිරීම දැන් ක්‍රියාත්මකව ඇත.
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි සිදු කළ මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහය ලබාගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා “දිනමිණ” ට කීය.
මේ ඉන්ධන සහනාධාරය ධීවරයින්ට ලබාදෙන ඉන්ධනහල් ලැයිස්තුගත කිරීමටත්, සහනාධාරය හිමිවන ධීවර කාර්මිකයන් සහ යාත්‍රා ලැයිස්තු පිළියෙළ කිරීමට ධීවර සහකාර අධ්‍යක්‍ෂවරුන් සහ ධීවර පරීක්‍ෂකවරුන් යොදා ගත් බව ද ඇමැතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් වූ තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්වරුනට “ෆැක්ස්” මගින් යවා ඇති බව ද ඇමැතිවරයා පැවැසීය. මෙතෙක් ධීවරයාට ලබා දී ඇති හොඳම ඉන්ධන සහනාධාරය දැන් ලබා දී ඇති බවත්, ධීවරයින් සිදුකළ යුත්තේ විවිධ සංවිධානවල උසිගැන්වීම්වලට අවනත නොවී මේ සහනාධාරය ද ලබාගෙන ධීවර රැකියාවේ යෙදී ආදායම් සරුකර ගැනීම බව ද ඇමැති රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.
නව ඉන්ධන සහනාධාරය මගින් බහුදින ධීවර යාත්‍රාවකට රුපියල් 30,000 ක පමණ මාසික සහනාධාරයක් ද, එක්දින ධීවර යාත්‍රාවකට රුපියල් 18,000 ක මාසික සහනාධාරයක් ද හිමිවෙයි.
http://www.dinamina.lk/2012/02/16/_art.asp?fn=n1202161
සමෘද්ධිලාභීන්ට විදුලිය නැති පවුල්වලට භූමිතෙල් සහනාධාරය
පණ්ඩුක සමරසේකර
සමෘද්ධිලාභීන්ට හා විදුලිය නොමැති පවුල් සඳහා භූමිතෙල් සහනාධාරය ලබාදීමට රජය තීරණය කර ඇත.
මේ සහනාධාරය මේ මස 19 දා සිටම ලබාදෙන අතර එය එක් පවුලකට රුපියල් 200 බැගින් මාසිකව හිමි වන බවත් සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා දිනමිණට කීය.
ග්‍රාම නිලධාරිගේ හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සහතිකය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සමෘද්ධි කලාප බැංකුවලින් ද ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයකදී මේ මුදල අදාළ පවුල්වලට ලබා දෙන බව තිලකසිරි මහතා පැවැසීය.
මුළු දිවයිනේම පවුල් ලක්ෂ 4 1/2 කට මේ ප්‍රතිලාභය හිමිවන බවද බන්දුල තිලකසිරි මහතා “දිනමිණ”ට ප්‍රකාශ කළේය.
http://www.dinamina.lk/2012/02/16/_art.asp?fn=n1202163
No comments:
Post a Comment