Wednesday, February 15, 2012

අද සහ හෙට දිනවල තද වැසි හා සුළං ඇතිවිය හැකියි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

තුෂාරී කළුබෝවිල, චමින්ද සිල්වා

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (15 වැනිදා) හා හෙට (16 වැනිදා) දිනයේ වැසි, සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

විශේෂයෙන්ම දිවයිනේ උතුර, ඌව, නැගෙනහිර පළාත්වල දවසේ ඕනෑම අවස්‌ථාවක වැසි, සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල සවස්‌ කාලයේ මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ ඩී.ඒ. ජයසිංහආරච්චි මහතා "දිවයින"ට පැවැසීය.

මේ අතර කොළඹ ප්‍රදේශයට ඊයේ
(14 වැනිදා) සවස පැය දෙකක්‌ තුළ මිලි මීටර් 50 ක වර්ෂාපතනයක්‌ ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ඊයේ (13 වැනිදා) සවස 4.00 සිට 6.00 පමණ කාලය තුළ මෙම වර්ෂාපතනය ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ චමින්ද සිල්වා මහතා කීය.


http://www.divaina.com/2012/02/15/news30.html

No comments:

Post a Comment