නොරොච්චෝල අක්‍රීය වූ සැණින් මණ්‌ඩලයේ පිරිසක් විදුලිය මිලදී ගැනීමට තැත් කරලා
ශිරාන් රණසිංහ
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අක්‍රීය වූ සැණින් මෙගාවොට් සියයක විදුලි බලයක් පෞද්ගලික ඩීසල් බලාගාරවලින් මිලදී ගැනීමට විදුලිබල මණ්‌ඩලයේම පිරිසක් උත්සාහ කළ බව ලංකා විදුලිබල මණ්‌ඩලයේ උසස් නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ඉදිකිරීමට එරෙහි වූවන් සහ ඩීසල් බලාගාර මාෆියා කණ්‌ඩායම් එක්‌ව නොරොච්චෝල බලාගාරය අසාර්ථක ව්‍යාපෘතියකැයි ප්‍රචාරය කරගෙන යන බවද හෙතෙම කියා සිටියේය.
නොරොච්චෝල බලාගාරය මීට වසර පහළොවකට පෙරාතුව ඉදිකළ යුතුව තිබුණ ද ඩීසල් බලාගාර මාෆියාව සහ ඊට සහාය දෙන දේශපාලන පක්‍ෂ බලාගාරයේ ඉදිකිරීම් පමා කළ බව ද එම නිලධාරියා කියා සිටියේය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අසාර්ථක ව්‍යාපෘතියක් නොව එය රටට අත්‍යවශ්‍ය බලාගාරයක් බවත් හැකි නම් පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී නොගෙන විකල්ප බලශක්‌ති ප්‍රභවයන් වෙත යොමු විය යුතු බව ද එම නිලධාරියා කීවේය. එලෙස කළ හැකි නම් විදුලි ගාස්‌තු ද විශාල ලෙස අඩු කළ හැකි බවත් ඒ මහතා කීවේය.
http://www.divaina.com/2012/02/09/news18.html
නොරොච්චෝල අක්‍රීය වීමට හේතුව සොයා ගැනේ
ශිරාන් - රණසිංහ
නොරොච්චෝල, ගල්අඟුරු බලාගාරය අක්‍රීය වූයේ බලාගාරයේ ලිහිසි තෙල් පොම්පයේ කාන්දු රෝදක මුද්‍රdවට (සීලරයේ) සිදු වූ හානියකින් යෑයි ඉංජිනේරුවරු සොයාගෙන ඇත.
ඒ අනුව නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අදාළ කාන්දු රෝදක මුද්‍රdව අලුතින් සවිකර ලබන ඉරිදා (12 වැනිදා) වනවිට මෙගාවොට් තුන්සියයක් යළි ජනනය කිරීමට බලාපොරොත්තු වන බව ද ඉංජිනේරුවරු "දිවයින" ට පැවසූහ.
ගල්අඟුරු බලාගාර අභ්‍යන්තරයේ ගිනි ගැනීම් සාමාන්‍ය දෙයක් යෑයි ද ඕනෑම බලාගාරයක තාක්‌ෂණික ගැටලු ඇතිවීමද සාමාන්‍ය බව ද ඉංජිනේරුවරු කියති.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ කොටස් ගැලවීමට නම් එය සිසිල් වනතුරු දින පහළොවක් පමණ සිටිය යුතු බැවින් බලාගාරයේ දෝෂය හඳුනා ගැනීමට මෙපමණ කලක් ගතවූ බව ද ඔවුහු පෙන්වා දුන්හ.
http://www.divaina.com/2012/02/09/news11.html
No comments:
Post a Comment