සුබසිංහ බණ්ඩාර - සාලියවැව
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට ආවේණික ශාක හා සත්ව කොටස් තම රටවලට රැගෙන ගොස් ජාන මංකොල්ලයේ යෙදීම සම්බන්ධයෙන් සැකපිට කල්පිටිය ආලන්කුඩුවේදී අත්අඩංගුවට ගෙන පුත්තලම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මිකා ඉලංගසිංහ මහත්මිය වෙත ඉදිරිපත් කළ විදෙස් ජාතිකයන් හයදෙනකුට රුපියල් හාරලක්ෂ තිස්පන් දහසක (4,35,000) දඩයක් ගෙවන ලෙස නියෝග කොට තිබේ.
සැකකාර විදෙස් ජාතිකයන් සිංහරාජ වනාන්තර, විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා කල්පිටිය මුහුදු තීරය වැනි අතිසංවේදී පරිසර කලාපවල වෙසෙන සතුන්ගේ හා ශාකවල කොටස් රැස්කරගෙන සිට ඇත. ඔවුන් ආසියානු කලාපයට අයත් සෙසු රටවලද මෙසේ ජාන මංකොල්ලයේ යෙදී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
ජාන මංකොල්ලකෑම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන පුත්තලම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මිකා ඉලංගසිංහ මහත්මිය වෙත ඉදිරිපත් කළ විදෙස් ජාතිකයන් හයදෙනා බෙල්ජියම, වෙනුසියුලාව හා ඕස්ටේ්රලියාව යන රටවල පදිංචිකරුවෝ වෙති.
මෙසේ දඩ නියමව ඇත්තේ 1 වන විත්තිකරු වන බෙල්ජියම් ජාතික Van Heygen Emmanubl රුපියල් 110,000/-, බෙල්ජියම් ජාතික 2 වැනි විත්තිකරු Heyhen Guy Alfons Charlina රුපියල් 40,000/-, 3 වැනි විත්තිකරු වෙනිසියුලානු ජාතික Weter Bolges Edgar Antonio යන විදෙස් ජාතිකයින්ටය.
දඩ නියම වූ සෙසු විත්තිකරුවන් වන්නේ 4 වැනි විත්තිකරු Roland Werner Zobel රුපියල් 40,000/-, Bern Hard Trapp යන 5 වැනි විත්තිකරුට හා 6 වැනි විත්තිකරුවන ඔස්ටේ්රලියානු ජාතික Damian Amian Shane Goodall යන විත්තිකරුවන්ටය. ඔවුන් වනජීවී දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
විදෙස් ජාතිකයින් පුත්තලම මහෙස්ත්‍රාත් හා මහාධිකරණ සංකීර්ණයෙන් පිටව යන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
http://www.divaina.com/2012/03/01/news10.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment