- මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක
චමින්ද සිල්වා
දේශීය වී ගොවියා ආරක්ෂා කරගෙන හාල් පිටිවලින් බේකරි නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබියදී පාන් පිටිවලට අපේ රට තවමත් යටත් වී ඇතැයි මවුබිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (01 වැනිදා) විඡේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
දිනාගත් මවුබිමට සෞභාග්‍යයෙන් පිරි අපේම ආර්ථිකයක් යන ග්‍රන්ථය එළිදැක්වීම ද සිදුවූ අතර එහිදී වික්‍රමනායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය.
අපි මෙය පවත්වාගෙන යන්න ආරාධනා පත්‍ර 900 ක් තැපැල් කළා. රටට ආදරය කරන පිරිසකටයි එන්න කිව්වේ. මෙතන ඉන්න පිරිස බැලුවම ජාතික ප්‍රශ්නයකට දක්වන දායකත්වය අඩු බව පේනවා. අපි සෘන ආර්ථිකයට පත්වෙලා ඉන්නේ. කඩයක ටොµsයක්වත් විකුණපු නැති අය රජයේ ඉන්න නිසයි එහෙම වෙලා තියෙන්නේ. ඇයිs පෝසත් රටවලින් අපි කිරි ගන්නේ. අපිට කිරි නිපදවන්න පුළුවන්. ගිය වසරේ තමයි වැඩිපුරම කිරිවලට වියදම් කරලා තියෙන්නේ. ඒ වගේම පාන් පිටි ටොන් ලක්ෂ හතහමාරක් ගෙන්නුවා. මම පශු සම්පත් මණ්ඩලයේ දෙපාරක් හිටියා.
මම මොනරාගල සීනි හදන්න ගත්තම සියයට පහළොවක බද්ධක් ගැහුවා. ඒ මුදල්වලින් පාන් පිටි ගෙන්වුවා. අපි ඇමරිකන් කාරයට විරුද්ධව එළියට බැස්සට එහෙන් ගේන පාන් පිටි කාලා තමයි බාරට බැස්සේ.
ඇමරිකාවේ ඇතුළු පෝසත් රටවල පාන් ගෙඩියක් ඩොලර් 400 ක් 500 ක් වෙනවා. ඇයි අපට අඩුවට පාන් පිටි දෙන්නේ. අපේ කුඹුරු ටික නැති කරන්නයි. 1970 වරායට මම එනකොට එංගලන්තයේ නෙදර්ලන්තයේ සුරපුරයක් ලෙසයි වරාය තිබුණේ. දැන් එම රටවල්වල සමාගම් දෙකක් අපේ යටතේ වැඩ කරනවා. අනුරාධපුරයේ රජවරු පිටරටවලින් ගෙනත් කෑවේ නැහැ. උතුරු මිනිස්සුන්ට පොලිස් බලතල ඉල්ලන්නේ නැහැ. ඒ මිනිස්සු කියන්නේ නිපදවන මිරිස් ටික ලුණු ටික ගන්න කියලයි.
අපි චිලී රටෙන් ටින් මාළු ටොන් 61,000 ක් ගිය වසරේ ගෙනාවා. මේ චිලී රට ජිනීවාවලදී අපිට ඡන්දය දෙන්නෙත් නැහැ. නමුත් අපේ තරුණයෙක් ටින් මාළු හැදුවා. විකුණගන්න බැරිවෙලා තියෙනවා. අපිට හාල් පිටිවලින් පාන් හදන්න පුළුවන්. ඒත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. පාන්පිටි ගේනවා. මේක නවත්වන්න ආණ්ඩුවේ කෙනෙක් නැහැ.
ජනතාවගෙන් බැලුවොත් අපේ රටේ කාර් අවශ්‍ය කට්ටිය ඕන නම් මිලියන දෙකක් තුනක් වෙයි. නමුත් සාමාන්‍යයෙන් බැලුවොත් සමහර අයට කාර් හත අටක් තියෙනවා. ඒ නිසා මේ රටට කාර් ගෙනෙන එක නවත්වන්න ඕන.
Read full report: http://www.divaina.com/2012/03/03/news20.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment