Tuesday, March 15, 2016

"පාරිභෝගික ඔබ සැමට දිනා ගැනීමට දෙයක් ඇත." මාර්තු 15 ජාත්‍යන්තර පාරිභෝගික දිනය නිමිත්තෙනි

මාර්තු 15 - ජාත්‍යන්තර පාරිභෝගික දිනය නිමිත්තෙනි.

පාරිභෝගික ඔබ සැමට දිනා ගැනීමට දෙයක් ඇත.


මාර්තු 15 සෑම වසරකම ජාත්‍යන්තර පාරිභෝගික දිනය වශයෙන් නම් කර ඇත. පාරිභෝගිකයින් ගේ අයිතිවාසිකම් රැුකගැනීම අරමුණු කරගෙන මෙම දිනය ප‍්‍රකාශයට පත්කර ඇත. මෙහි ආරම්භයට   වසර 54 ක අතීතයක් ඇත. ඒ 1962 මාර්තුු මස 15 වෙනි දින ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා විසින් ඇමෙරිකානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පාරිභෝගිකයින්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා වූ ලියවිල්ලයි (Consumer Bill of Rights).  ඒ උතුම් වූ අරමුණ පෙරදැරි කරගෙන ජාත්‍යන්තර පාරිභෝගික සංවිධාන මගින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා වු ව්‍යාපාරයක් දියත් කරනු ලැබුවේ 1983 මාර්තු මස 15 වෙනි දින සිටය. පාරිභෝගික ජාත්‍යන්තරය (Consumers International – CI) මූලික කර ගනිමින් ලෝකය පුරා කි‍්‍රයාත්මක වන පාරිභෝගක සංවිධානවල මූලික අභිප‍්‍රාය වී තිබෙන්නේ පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් රැුකගැනීම උදෙසා කි‍්‍රයාත්මක වීමයි. මැලේසියාව මේ කාර්යයේදි ඉදිරියෙන්ම සිටී. ඉන්දියාවේ කි‍්‍රයාත්මක පාරිභෝගික සංවිධාන ඉන්දියානු රජය පවා පිළිගන්නා තත්වයට පත්ව ඇත. පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු වන මූලික කරුණු හා පාරිභෝගිකයින්ගේ වගකීම්  පිළිබදව පාරිභෝගික ජාත්‍යන්තරය විසින් පෙන්වා දී ඇති අතර සෑම වසරකම තේමා පාඨයක් හා බැදුණු කි‍්‍රයාකාරකම් මාලාවක් දියත් කරයි.

පාරිභෝගිකයා දරුණු සූරාකෑමට ලක්වෙමින් පවතින සමාජ ක‍්‍රමයක් තුළ යහපත් වූ සමාජ ක‍්‍රමයක් හරහා පාරිභෝගිකයා සුරැුකීමේ ඉඩකඩ අල්පය. මේ තත්වයන් නිසාම නීති අණපනත් මගින් ම අයිතිවාසිකම් රැුකදීමට සිදුව තිබේ. අපේ රටේ මේ තත්වය පිළිබදව කතිකාවක් පවතින්නේ නැති තරම්ය.මේ ගැන උනන්දුවක් දක්වන කුඩා කණ්ඩායම් කිහිපයක් හැරෙන්නට පාරිභෝගිකයා රැුකගැනීම සදහා වන හඬ ඉදිරියට පැමිණ නැත. පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා 2003 අංක 09 දරණ පනතින් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කර ඇත. ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතනද යහපත් වූ පාරිභෝගික ජන සමාජයක් උදෙසා කි‍්‍රයාත්මක විය යුතුව තිබෙන රාජ්‍ය ආයතන අතර වේ.
භාණ්ඩ හා සේවාවන් ලබා ගැනිමේදී පාරිභෝගිකයා නොමග යවන ආකාරයෙන් සිදු නොවිය යුතුවාක් මෙන්ම වක‍්‍රාකාරව සූක්ෂම ආකාරයෙන් පාරිභෝගිකයා ගසා කෑමට ලක් නොවිය යුතුය. එසේම ප‍්‍රචාරය සිදු විය යුතුව ඇත්තේ සබුද්ධික ආකාරයෙන් විනා නොමග යවන සුලූ රැවටිලිවලින් නොවේ. නිදහසේ ජිවත් වීමේ අයිතිය නැති වීමෙන් විවිධ වූ ව්‍යාකූල තත්වයන්ට පාරිභෝගික ජන සමාජය තල්ලූ වෙමින් සිටී. ගැටලූ අරබයා සංවිධානගත වීමේ අයිතිය පාරිභෝගික ඔබ සැමගේ මුලික අයිතියක් වන අතරම තම නිවැරදි දැණුවත් බව පුලූල් වූ ජීවන මගක ආරම්භයක් ද වන්නේය.

පාරිභෝගික හඬ - ශී‍්‍ර ලංකා හරිත ව්‍යාපාරය


No comments:

Post a Comment