Tuesday, June 7, 2011

3000 Acres for wildlife (Dinamina)

හොරොව්පතාන වන ජීවීන් සුරකින්න අක්කර 3000ක් වෙන් කරයි

වල් අලි ඇතුළු වන ජීවීන් ආරක්‍ෂා කිරීම හා නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් ලබාදීමේ අරමුණින් හොරොව්පතාන ප්‍රදේ්ශයේ අක්කර 3000 ක් වෙන් කරන බව ගොවිජන හා වන ජීවරාශී සංරක්‍ෂණ ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

වල් අලින් හා වන ජීවීන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් ලබාදීම, වල් අලි මගින් බෝගවලට සිදුවන හානිය වළක්වාලීම, මිනිස් ජීවිත බේරා ගැනීම, වල් අලි ඝාතනය වැළැක්වීම ආදී කරුණු නිසා මෙම තීරණය ගෙන ඇත.
විශේෂයෙන් වල් අලින්ගේ ආහාරය, ගාල් කිරීම ඇතුළු කරුණු රාශියන් හි විශේෂ අවධානය යොමුකරන අතර, අලි මිනිස් ගැටුම් අවම කිරීම, බෝග හානි වැළැක්වීම මේ මගින් අඩු කිරීම ද හැකිවේ.

No comments:

Post a Comment