Arsenic in Agro-chemicals, yet to see an action....
ආසනික් විෂ සහිත කෘෂි රසායන ගැන තවම විසඳුමක් නෑ
සමන් ගමගේ
බහුජාතික සමාගම් කිහිපයක් විසින් මෙරටට ගෙන්වා ඇති මාරාන්තික විස සහිත ආසනික් හා රසදිය අඩංගු කෘෂි රසායන තොගය පිළිබඳ පරීක්‌ෂා කළ පිරිස් එකී වාර්තා නිසි පරදි යොමු කර නොමැති බැවින් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිව ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා "දිවයින"ට පැවැසීය. මෙම සිද්ධියට සම්බන්ධ අදාළ වාර්තා ලැබීමෙන් පසු මෙරට කෘෂි රසායන භාවිතය පිළිබඳ යථාර්ථවාදී ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඇමැතිවරයා අවධාරණය කළේය. මිනිස් සිරුරට ඉතාම හානිකර මාරාන්තික විෂ සහිත ආසනික් හා රසදිය මෙම කෘෂි රසායන තොගයේ අඩංගුව තිබීම නිසා දැනට වෙළෙඳ පොළේ ඇති කෘෂි රසායන පිළිබඳ යම් ක්‍රියාමාර්ගයක් ගන්නේදැයි අප ඇමැතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම මේ බව පැවැසීය.
Source: http://www.divaina.com/2011/06/08/news15.html
No comments:
Post a Comment