Tuesday, June 7, 2011

Arsenic in Agro-chemicals (Divaina)

රේගු අත්අඩංගුවට ගත් කෘෂි රසායන ද්‍රව්‍ය තොගය රසායනාගාර පරීක්‍ෂණයකට කොපමණ ආසනික්‌ අඩංගුදැයි සොයයි
අනුර බාලසූරිය

රේගුව විසින් අත්අඩංගුවට ගෙන සීල් තබා ඇති කෘෂි රසායන ද්‍රව්‍ය තොගයේ කෙතරම් ප්‍රමාණයක්‌ ආසනික්‌ අඩංගුදැයි සොයා බැලීමට එම කෘෂි රසායන ද්‍රව්‍ය රසායනාගාර පරීක්‍ෂණයකට භාජනය කර තිබේ.

රසායනාගාර කිහිපයක දැනට මෙම පරීක්‍ෂණ සිදුකෙරෙමින් පවතින බව රේගු ආරංචි මාර්ග සඳහන් කළේය.

කෘෂි රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් හතක්‌ රේගුව විසින් සීල් තබා ඇති අතර එම රසායන ද්‍රව්‍ය තොගයේ ආසනික්‌ නමැති විෂ අඩංගු බව මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.



ආසනික්‌ අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන් තහනම් බවත්, වෙළෙඳපොළේ පවතින කෘෂි රසායනික ද්‍රව්‍යවල ආසනික්‌ අඩංගු බව මාධ්‍ය මගින් කර තිබූ හෙළිදරව්වකට අනුව මෙම පියවර ගත් බවත් මේ සම්බන්ධව කළ විමසුමකදී රේගු ජෛව විවිධත්ව ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා පැවැසීය.

කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වනු ලබන සමාගම් කිහිපයක්‌ මේවා ආනයනය කර තිබූ බව ද රේගුව සඳහන් කරයි.



Courtesy: http://www.divaina.com/2011/06/07/news20.html

No comments:

Post a Comment