Another Health Crisis, Expired Drugs in Hospitals...
2009 වසරේදී භාවිතයෙන් ඉවත් කළකල් ඉකුත් වූ පෙතිඩීන් එන්නත් ලක්‍ෂයකට වඩා තවම ගබඩාවල
ඒමන්ති මාරඹේ
රජයේ රෝහල්වලට බෙදාහැර තිබියදී කල් ඉකුත්වීමෙන් 2009 වසරේදී භාවිතයෙන් ඉවත් කරනු ලැබූ රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු "පෙතිඩීන්" නමැති වේදනා නාශක එන්නත් දියර කුප්පි ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් ඒ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු අවසන්ව තිබියදීත් විනාශ කර නොදමා වෛද්‍ය සැපයුම් අංශයේ ගොඩගසා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
2009 වසරේ ජනවාරි මස 31 වැනිදා කල් ඉකුත් වූ මෙම "පෙතිඩීන්" එන්නත් දියර කුප්පි තොගය එම පෙබරවාරි මාසයේදී රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කෙරිණි. මෙම එන්නත් දියර කුප්පි තොගය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් පැවැත්වූ පරීක්‍ෂණ කටයුතු ද මේ වන විට නිමවී ඇති බව එම සංගමය කියයි.
මේ සා විශාල එන්නත් දියර කුප්පි සංඛ්‍යාවක් කල් ඉකුත් වී භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවූයේ සෞඛ්‍ය බලධාරීන් විසින් එම එන්නත් කුප්පි නිසි පරිදි ඒවා අවශ්‍ය රජයේ රෝහල්වලට බෙදාහැර නොතිබූ නිසා බව පෙන්වා දෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය බිමන්ත ගුණසේකර මහතා එම වකවානුවේ උතුරේ පැවති හමුදා මෙහෙයුම්වලදී තුවාල ලැබූ හමුදා සෙබළුන්ට ප්‍රතිකාර කිරීම සඳහාවත් එම එන්නත් කුප්පි බෙදාහැර නොතිබූ බව අවධාරණය කරයි.
මේ අතර මේ සම්බන්ධව කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු කියා සිටියේ කල් ඉකුත් වූ පෙතිඩීන් තොගය විනාශ කිරීම සම්බන්ධව තීරණයක් ගනුයේ එම කුප්පි අවශ්‍ය පමණට වඩා වැඩි සංඛ්‍යාවක් මෙරටට ගෙන්වීමට කටයුතු කළ නිලධාරීන් සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත් වූ පසුව බවයි.
Source: http://www.divaina.com/2011/06/08/news01.html
No comments:
Post a Comment