Thursday, June 9, 2011

Castlereigh reservoir polluted...

Industrial pollution is a still a question. But what if it is a planned activity like this?

කම්හලක දැවිතෙල් මුදාහැරීම නිසා කාසල්රී ජලාශයට දැඩි පාරිසරික හානියක්‌

ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක - මස්‌කෙළිය

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන දික්‌ඔයට පෙරේදා (07 දා) රාත්‍රි දික්‌ඔය වනරාජා තේ වත්තේ කර්මාන්තශාලාවේ දැවිතෙල් ලීටර 3000 ක්‌ පමණ මුදාහැරීම නිසා කාසල්රී ජලාශයට හා දික්‌ඔය ප්‍රදේශයට දැඩි පාරිසරික හානියක්‌ සිදුව තිබේ.වනරාජා තේ කම්හලේ තෙල් ගබඩා සංකීර්ණයක ඇතිවූ තෙල් කාන්දුවක්‌ මෙම තත්ත්වයට හේතු වී ඇති බව හැටන් පොලිසිය පවසයි. තෙල් කාන්දුව ඊයේ (08 දා) උදෑසන වනවිටත් පැවැති අතර මෙම තත්ත්වය නිසා කාසල්රී ජලාශයේ හා දික්‌ඔයේ මත්ස්‍ය සම්පතට තර්ජනයක්‌ එල්ල වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.කාසල්රී ජලාශය අසල පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයකට ජලය සැපයෙන්නේ දික්‌ඔය හරස්‌ කිරීමෙන් ලබාගන්නා ජලය නිසා, එම ජල විදුලි බලාගාරය යන්ත්‍ර සූත්‍ර රැසක ක්‍රියාකාරීත්වයට මෙම දැවිතෙල් මිශ්‍ර ජලය නිසා දැඩි බලපෑමක්‌ සිදුව ඇතිබව එම විදුලි බලාගාරයේ නිලධාරීහු පැවැසූහ.

අප මේ ගැන වනරාජා තේ වතුයායේ ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරී එස්‌. කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ තෙල් ටැංකි සංකීර්ණයේ හයවැනි ටැංකියේ කරාමය කිසියම් සංවිධානාත්මක පිරිසක්‌ විසින් විවෘත කිරීම නිසා මේ තත්ත්වය ඇතිවී ඇති බවයි.

පරිසර නීති යටතේ වනරාජා තේ කම්හලේ ප්‍රධාන නිලධාරිවරයා හැටන් මහෙස්‌ත්‍රාත්වරයා හමුවට පමුණුවන බව හැටන් මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පී. චන්ද්‍රසේන මහතා පැවැසීය.


Source: http://www.divaina.com/2011/06/09/news03.html

No comments:

Post a Comment